හිරණ අමුත්තන්ගේ රාත්‍රියේදී සැකකරුවෝ 11ක් අත්අඩංගුවට

0
14

හිරණ පොලිස් බල ප්‍රදේශයේ අමුත්තන්ගේ රාත්‍රිය නමින් කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට හිරණ පොලිසියට හැකිව තිබේ.

ප්‍රදේශයේ නිවාස සොරකම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිවු දෙනකු, අයිස් සන්තකයේ තබාගෙන සිටි දෙදෙනකු හා කසිප්පු ජාවාරම් කළ පුද්ගලයකු සහ තවත් සැකකරුවන් සිවුදෙනකු මෙහිදී අත්අඩංගුවට ගත් බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක සමන් අල්විස්, කොස්තාපල්වරුවන් වන හර්ෂ (36106), තිලකසිරි (93773), ඩිලාන් (97543) සහ සිවිල් ආරක්ෂක නිලධාරි කපිල (91476) වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක