වැඩි මිලට සහල් විකුණූ­ ගාල්ලේ වෙළෙන්දකුට රුපියල් ලක්ෂයක් දඩ

0
10

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට රතු කැකුළු සහල් අලෙවි කරන ලද ව්‍යාපාරිකයකුට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මෙනෙවිය රුපියල් ලක්ෂයක දඩයක් නියම කළාය.

දඩ නියම වූයේ ගාල්ල බටගන්විල පිහිටි සහල් අලෙවිසලක ව්‍යාපාරිකයකුටය.

උපරිම සිල්ලර මිල රුපියල් 210ක්වූ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 249කට අලෙවි කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි බී.වී. ගොඩගම, විමර්ශන නිලධාරීන් වන එච්.ජී.පි. ඉ¾දුනිල්, ඩී.කේ.එල්. චන්දන, හර්ෂණී ජයවික්‍රම, එස්. රන්කොත්දිවෙල, එච්.ඩබ්ලිව්.ජී.ආර්. අමරසිරි යන මහත්ම මහත්මිහු මෙම වැටලීම සිදුකළහ.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම- එස්. දීයගහගේ