දැන් වෙලා තියෙන්නේ ධ්ර්ජ් දේවාලේ පඬුරු ගැටගසා රටේ ප්‍රශ්න විසඳෙනතුරු බලා ඉන්නයි

0
19

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු පවතින ප්‍රශ්නවලට ඇත්ත විස¾දුමක් නොවන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

දැන් වී ඇත්තේ අයි.එම්.එෆ්. දේවාලයේ පඬුරක් ගැටගසා රටේ ප්‍රශ්න විස‍ඳෙන තුරු බලා ඉන්නවා වැනි වැඩක් යැයිද හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා

මෙසේ ද පැවැසීය.

“අයි.එම්.එෆ්. ගියාම ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන් කියල කියනවා. ඉතින් ඒකට ණය දීපු හැමෝම කැමති වෙන්න ඕන. අයි.එම්.එෆ්. එකේ අය හිටපු ජනාධිපතිතුමාටත් කියල තියෙනවා, ඒකට චීන ජනාධිපතිට කතා කරල එයාව කැමැති කරගන්න කියලා.

එතකොට චීනය හරි කවුරු හරි ණය දීපු කෙනෙක් අකැමැති වුණොත් ඕක කෙරෙන්නේ නැහැ. අනෙක ඊළඟ බලාපොරොත්තුව තමයි රුපියල් බිලියන 3 ලැබෙයි කියලා. අපි හිතමු බිලියන තුනක් ලැබුණා කියල. ඇත්ද? ඉන්දියාවෙන් බිලියන තුනක් ලැබුණ නේ? දැන් ඒව වාෂ්ප වෙලා ඉවරයි නේ? මෙතෙන තියෙන ප්‍රශ්නය මේ‍ දේවාලෙ වැන්දම ප්‍රශ්න විස‍‍ඳෙනව කියල හිතෙන එක. පඬුරක් ගැටගහල ප්‍රශ්න ඔක්කොම විස‍‍‍‍‍ඳෙයි කියල හිතන එක.

මේක අයි.එම්.එෆ්. දේවා‍ලෙ පඬුරක් ගැටගහල ප්‍රශ්නවලින් ගොඩයන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. අපට චීනය කැමැති කරව ගන්න කියනවා නම්, ඒකෙන්ම පේනවනෙ මේ යන්නේ ඇත්ත විස¾දුමකට නොවෙයි කියලා. බලාපොරොත්තුවක් හදල තිබුණට අයි.එම්.එෆ්. දෙයියො අපට පිහිට වෙයි කියලා, ඒක වෙන්නේ නැහැ.

අපේ ප්‍රශ්නයක් මේ. අපියි උත්තර හොයන්න ඕන. අපියි විදේශ විනිමය උපයන්න ඕන. අපියි ඒකට මාර්ග හොයන්න ඕන. එහෙම කරන්නේ නැතිව අපි අයි.එම්.එෆ්. දේවාලෙට පඬුරක් ගැටගහල බලා ඉන්නවා. ඇත්තටම අපි ‍එහෙම බලා ඉන්න සූදානම් නැහැ. අපි සූදානම් ප්‍රශ්නයට පිළිතුරු සොයන්න.”

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර

“අලුත් පරිච්ඡේදයක් මේ රටට එකතු කරන කටයුත්තක් ලබන හතර වැනිදා වෙනවා. නව ක්‍රියාමාර්ගයක්, ප්‍රතිපත්තියක්, දර්ශනයක් ඉදිරිපත් කරමින් ඒකරාශි වන බලවේග එකතු කරමින් සුබ මොහොතින් ආරම්භ වෙනවා. අපට ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා.

එහි විවරණයක් කරනවා අද තියෙන තත්ත්වය ගැන. අපේ විදේශ ප්‍රතිත්තිය ගැන, අපේ ආර්ථිකය ගැන ඇතුළු හැමදේම එහි විවරණය කරනවා. අපට මේ හැම එකක් ගැනම දීර්ඝ ලෙස සාකච්ඡා කර හදාගත්තු ක්‍රියාත්මක ස්වභාවයන් ඉදිරිපත් කර තිබෙනවා. මේ එකතුව ප්‍රතිපත්තිමය එකතුවක්. මේ රටේ මෑතකාලීන ඉතිහාසයේ දක්ෂිණාංශික ආණ්ඩු පාලනය යටතේ ජනතාවට එරෙහිව ගිය ගමන වළක්වන්න අපි එදා මහින්ද සුළඟ නමින් නුගේගොඩින් ඇරඹූ ඒ මහා ජනතා ගැම්ම එදා ඇති කළේ දුර්භාග්‍ය සම්පන්න ඉතිහාසය හා වර්තමානය වෙනස් කරන්නයි.

අපි ඒ වෙනුවෙන් වූ දේශපාලන බලය පිහිටෙව්වා. නමුත් ඒ සෞභග්‍යයේ දැක්ම නමින් පිහිටුවූ දේශපාලන බලය ඒ දැක්මට විරුද්ධව ගිය නිසා අපට නැඟීසිටින්න වුණා. අපිට අභ්‍යන්තර විවේචනයකින් නතර වෙලා ඇමැති ධුරවල ඉන්න තිබුණා. ඒත්, අප මතු කරන ජනතා ප්‍රශ්න ගැන අපට තීරණාත්මක ලෙස ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි මේ බලවේගය උපත ලබන්නේ. මේක සම්බන්ධයි මහින්ද සුළඟට. මහින්ද සුළ‍‍ඟේ‍‍‍ ඒ බලවේගය තමයි මේ නැවත අලුත් පියවරකින් ක්‍රියාත්මක වෙන්නේ.”

යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවි¾දු කුමාරතුංග

“අපි වෙනසක් පතන පිරිසක් ලෙස ජනතාව සංවිධානය කරල ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිර‍ිපත් කරල තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා දුන්නා. නමුත්, ඒත් එක්කම ඒ පාර්ලිමේන්තුවේ විසිවැනි සංශෝධනය ගේන කොටම අපට විශාල කම්පාවක් ඇතිවෙනවා. මේ ජනතාව හා අපි ගොඩනඟා ගත්තු සංවිධානයට හානියක් ද කියලා. අපි අපේ මන්ත්‍රි ධුර අභියෝගයට ලක් කරගෙන ප්‍රශ්න කරනවා. ජනතා ප්‍රතිඥාවලට හානි කරද්දි අපි ප්‍රශ්න කළා. අපි ආණ්ඩු පක්ෂ රැස්වීම්වලදී ප්‍රශ්න කරද්දි ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම පෙනී සිටියා. ඒ එකඟතාව අදත් තිබෙනවා. නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නයේදී සාමූහිකව සාකච්ඡ‍ා කර සෞභාග්‍යයේ දැක්මට වන හානිය ප්‍රශ්න කළා. කොතලාවල පනත ගැනත් අපි කටයුතු කළේ එහෙමයි. අපි විවාදය ආරම්භ කළේ ඊට විරුද්ධවයි. වරාය නගර පනතත් එවැනි එකක්.

අපි වෙන් වෙන්වත් සාමූහිකවත් රජය නිවැරදි කරන්න කළ උත්සාහයන් නොහැකි වුණා. අපේ අයගේ ඇමැතිකම් අහිමි කළා. නමුත් අපි සටන් කළා. අපි අවසානයේ උත්සාහ කළේ රටේ ජනතාවට සාධාරණ රජයක් දෙන්න. එහිදී ආණ්ඩුව කටයුතු කළ උද්ධච්ච ක්‍රියා පිළිවෙත නිසා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට අස්වෙන්න සිදුවුණා. අපි එතනදිත් සර්වපාක්ෂික ආණ්ඩුවක් ඉල්ලුවා. ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න කියල අපි ආණ්ඩුවට අදත් කියනවා. විජාතික බලවේගවල ගොදුරු බිම් බව‍ට මේ රට පත් නොකරන තැනට කටයුතු කරන්න අපිට පුළුවන් වී තිබෙනවා.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා

“අපි විශාල අර්බුදයක ඉන්නේ. එය මේ වනවිට දේශපාලන අර්බුදයකට ගෙනිහින් තියෙන්නේ. අනෙක් අතට ලෝකයට සිරස්තල සපයන තැනට ගොස් තිබෙනවා. අප අනුගමනය කරමින් සිටින නව ලිබරල්වාදී ‍ආර්ථික ක්‍රමය මුලින් අත්හදා බැලූ රටක් හැටියට 1978 ඉඳල අපේ රට අවධානයට ලක්වුණා.

අද අපි ඉන්නේ එහි ඇති අර්බුදවලට විස¾දුම් සොයන යුගයකයි. ඒ විස¾දුම් සෙවීමේදී ඒවා ධ්‍රැවිකරණය වෙමින් තිබෙනවා. හැබැයි අනෙක් පැත්තට ඊට වඩා වෙනස් අන්දමින් සිතන පිරිසක් සිටිනවා. මුල සිටම ඊට විරුද්ධ වූ වමේ කොටස් විශේෂයි. අර්බුදයේ විවිධ පැති විග්‍රහ කරමින් ජනතා ප්‍රශ්නවලට විස¾දුම් සෙවීමේ අපේ මේ විකල්ප වැඩපිළිවෙළට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.” පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය. 

විනීතා එම්. ගමගේ