අවුරුදු 5ක් අධිකරණය මඟහැරිය අයෙක්  සපුගස්කන්දේදී හසුවෙයි

0
13

අපරාධ සම්බන්ධව චෝදනා ලැබ අධිකරණය මඟ හරිමින් වසර පහක පමණ කාලයක් සැඟවී සිටි බව කියන පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මඟින් ඉකුත්දා (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුට එරෙහිව ඉකුත් 2015 වසරේ ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් පැවැති අතර ඔහු 2016 වසරේ සිට එම නඩු විභාගයට පෙනී නොසිටිමින් අධිකරණය මඟහැර සිටීම නිසා ඔහුට එම අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

සැකකරු මාකොළ, සඟබෝ මාවත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ් මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (82436), ජීවන්ත (78311), කුමාර (71453), අබේසිංහ (74265) හා මාරන් (94420) යන නිලධාරීහු වැටලීම කළහ.

බියගම – කේ. දුමින්ද