අතට 71යි

0
31

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය අද (02දා) සවස 02ට මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පක්‍ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සංවත්සරයේ තේමාව වන්නේ “අපේ කමට පණ දෙමු අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු” යන්නය.

මෙවර පක්‍ෂ සංවත්සරයට සමගාමීව පක්‍ෂයේ ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් කිහිපයක් කෙරෙන බව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු සිය විරෝධය පළකර ඇතැයිද පැවැසේ. එමෙන්ම පක්‍ෂයේ තනතුරු කිහිපයකද වෙනස්වීමක් අද දිනයේදී කෙරෙන බව සඳහන්ය.

සවනි ශේශාධි