හික්කඩුව ශ්‍රී සුමංගල අවසන් තරගයට

0
12

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. ඊයේ (31) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගාවලියේ නීතිරීති අනුව පෙර තරග වටය දක්වා එම කණ්ඩායම් 2 අතුරින් වැඩිම සාමාන්‍ය ප්‍රසාද ලකුණු හිමිකරගත් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල සමඟින් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වැදුණි. කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී සුමංගල පිල පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 17කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 33ක් රැස් කර සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අතරමඟදී නතර කිරීමට සිදුවිය.

ශ්‍රී සුමංගල පළමු ඉනිම _ 33/1
(ෂොහාන් ඉෂිවර 19, රමිරු රණසිංහ 12/1)

ඉෂාන් රශ්මිත