තේ-පොල්-රබර්-කුරුඳුවලින් 2021දී ඩොලර් මිලියන 4ක් හොයලා

0
16

තේ, පොල්, රබර් හා කුරුඳු  ඇතුළු බෝග අපනයනයෙන් 2021 වසරේදී ඩොලර් මිලියන 3.8ක අපනයන ආදායමක්  ලබා ඇතැයි වැවිලි ඇමැති රමේෂ් පතිරණ පැවැසීය. ඉන්  ඩොලර් මිලියන 1.3 මුදලක් තේ අපනයනයෙන් ලබා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙන මෙරට තේ කර්මාන්තය හොඳින් නඩත්තු කරගෙන නිෂ්පාදන ඵලදායිතාව වැඩිකර ගැනීම  එක්ව කළයුතු බවද ඔහු ඊයේ (31දා) තේ කර්මාන්තයේ නිරතවූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

පොහොර සම්බන්ධ ගැටලු නිසා ‘සිලෝන් තේ’ නාමයට විය හැකි හානිය පිළිබඳව  රජය පැහැදිලිව අවබෝධ කොටගෙන ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. ගුණාත්මකභාවයෙන් ඉහළ පැළවලට වටිනාකමක් දීම, නිසි පොහොර සැපයුම, ශාක නඩත්තුව, පාංශු ඛාදනය වැළැක්වීම  හා ජල කළමනාකරණය පිළිබඳව වඩාත් අවධානය යොමු කර වියයුතු බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම විධිමත් ලෙස දලු කැඩීම හා ප්‍රවාහනයද තේවල ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරගැනීමට ඉවහල් වන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න