ගෙයක් හදන්නේ සතුටින් ජීවත් වෙන්නද? මරුවා කැඳවගන්නද?

0
42

නාගරීකරණය හා කාර්මීකරණය හේතුවෙන් වර්තමානයේ පුරාණ වාස්තු විද්‍යා ශාස්ත්‍රය අනුව නිවාස ඉදිකරන්නේ නැත. බොහොමයක් ඒවා හෝටල් බවට පරිවර්තනය වී ඇත. එබැවින් අද ගෘහ නිර්මාණ තුළ ඉපැරැණි ලක්ෂණ නිරූපනය නොවීමෙන් වාසය කරන්නන්ට අසුබ විපාක ගෙන දේ.

නව නිවෙසක් ඉදිකරන විට පළමුවෙන්ම  එයට බලපාන දෝෂ මොනවාදැයි දැන නිවෙස ඉදිකිරීම කළ යුතුයි. අසූ මහා දෝෂයන් ඇති බව වාස්තු විද්‍යා පුරාණයේ පෙන්වා ඇත. භූමිදෝෂ, භූත – අමනුෂ්‍ය දෝෂ, නිර්මාණ දෝෂ, කෝණ දෝෂ, නැකැත් දෝෂ, මර්මස්ථාන, වහල දෝෂ ප්‍රධාන ‍ෙදාර තැබීමේ දෝෂ, උළුවහු, ජනෙල් ගණන, වැසිකිළිය, ළිඳ ආදී දෝෂ ඉන් සමහරකි.

භූත දෝෂ යනු මියගිය ප්‍රාණකරුවන්ගේ බැල්ම හා සැරිසැරීම සැලසුමේ අංග හා අත්තිවාරමේ අංග හීන දෝෂ, නැකැත් ගිනි නැකැත් අසුවීම ආදී හා විශේෂයෙන් ගෘහාධිපතිගේ නැකැත් අනුව ග්‍රහ දෝෂද විශේෂයි. මේ දෝෂ අනුව එහි ගුප්තමය බලයෙන් ඉදිකිරීම් ප්‍රමාදය ඇනහිටීම මෙන්ම පදිංචියෙන් පසු අඹුසැමි ආරාවුල්, වෙන්වීම්, ධන විනාශය,  ඔත්පළ රෝග, ශරීරයේ අවයව කපා ඉවත් කිරීම්, විවාහ ප්‍රමාදය, දූ දරුවන්ගේ අධ්‍යාපනය මොටවීම හා රැකියා අහිමිවීම, බන්ධනාගාර ගතවීම් හා අකල් මරණවලට ගොදුරු වී මාරයාගේ කටට බිලිවීම සිදුවේ. මර්මස්ථාන ජීවීන්ගේම පමණක් නොව අජීවී වස්තූන් වන පොල් ගෙඩිවල, කළුගල්, දැව ආදියේ පවා ඇත. ඒ වගේම මනුෂ්‍යයන්ටද ඇති බව දැනගත යුතුයි. මර්මස්ථානයක් තෙරපීමෙන් ප්‍රාණය නිරුද්ධ කළ හැකිය.  එනිසා මර්මස්ථාන පීඩාවට පත් නිවෙසක වාසය කිරීම මාරයා සමඟ වාසය කිරීමක් වැනිය. එම නිසා

විශ්වකර්ම ශාස්ත්‍රීය ක්‍රමයන් අනුව ඒවා අසුබයි, නපුරුයි. තවද වාස්තු පුරුෂයාගේ වම් බාහුව අඩුවීම නිසා ධන විනාශය සිදුවේ. එමෙන්ම ඊසාන දිශාව අඩු වූවොත් ගෘහාධිපති රෝගී වේ. ඔල්මාදය, මොළයේ ගෙඩි ඇති වී ශල්‍යකර්මවලට පවා භාජන වීමට හැකිය. එසේ වන්නේ වාස්තු පුරුෂයාගේ හිස නැතිවීම හා හානි වීමෙනි.

නිරිත දිශාව අඩුවූවොත් ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වීම, අඹුව පරදාරි සේවනයේ යෙදීම, දූ දරු කැලට විපත,් අපල ආදිය ඇතිවේ. නිවෙසින් පලා යයි. ගිනිකොන අඩුවුවොත් ගෘහාධිපතිගේ ධනය විනාශ වේ. බැංකු ගිණුම් පවා අඩුවී ණය ගෙවා ගැනීමට පවා නොහැකිව සිය දිවි හානිය පවා සිදුවේ.

නිවෙසේ බ්‍රහ්ම පාදය (මරු සුළිය)ට අසුබ වන පරිදි බිත්ති, පරාල වෙනස්වීමෙන් දෝෂ ඇතිවේ. නව කොටස නිසි ස්ථානයේ ඉදිනොකිරීමෙන් හා වැසිකිළි කාමර මර්මස්ථාන වීමෙන් රෝගී වීම දිළිඳු වීමද ඇතිවේ.  එයින් නිවෙසේ තිබූ අලංකාරයටද හානි වීමෙන් දෝෂ ඇතිවේ.

පෙර තිබූ නිවෙස ප්‍රේත පාද අතහැර, බහිරව යන්ත්‍ර වළලා තිබූ තැන යට නොවීමට වළදමා ඇති තැන් යට වීම් නිසා සහ අසුබ පාදවල ඉදිකිරීම නිසා හදිසි මරණ, රෝග, ධන විනාශ ගෙනදේ. එසේම ‍ෙදාර උළුවහු – ජනෙල් ඔත්තේ හා ඉරට්ටේ සංඛ්‍යා වෙනස්වීමෙන් දුක් කරදර ඇතිවේ. ඇතුළුවන පිටවන ‍ෙදාරවල් අත්තිවාරමේ දිග පළල අනුව අයහපත් ස්ථානවල තැබීම, වෙනස්වීමෙන්ද දුක ශෝකය, රෝග බිය, ස්ත්‍රී විපත්, ස්ත්‍රී පුරුෂ කාම ඉන්ද්‍රියයන් අඩපණ වීම මෙන්ම ශල්‍යකර්මවලින් ඉවත් කිරීමට පවා සිදුවේ.

ඉඳුවර ගෞරව සම්මානනීය  ජේ‍යාතිෂ විද්‍යාජෝති,

ගුප්ත විද්‍යා කීර්ති, වාස්තු විද්‍යා උපදේශක

ජිනදාස එදිරිසිංහ

පොලිසිය අසල, රඹුක්කන

0770730062, 0762738404