කෝටි දෙකේ චෙක් එක ගැන සනත් කතා කරයි

0
50

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තගේ නිවෙසට පසුගිය මැයි මස 9 වැනිදා ප්‍රචණ්ඩකාරීව ගිනි තැබීම නිසා රුපියල් දෙකෝටි දෙලක්ෂ හයදහස් දෙසිය පනහක (20,206,250) රක්ෂණ වන්දියක් ලැබී ඇත. මේ වන්දි මුදල තමාට ලැබුණේ ව්‍යාපාරිකයකු ලෙස තමා මුදල් ගෙවා තිබුණු රක්ෂණයක් මඟිින් බවත් ඒ අනුව නිවෙසේ වටිනාකම දළ වශයෙන් ලක්ෂ 1,250ක් ලෙස තක්සේරු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත ‘මව්බිම ‘ට පැවැසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල ඉස්සන් ව්‍යාපාරිකයෙක් වන තමාට ඉස්සන්ට දෙන ආහාර ලබාගැනීම සඳහා බැංකු ණය මුදලක් ඉල්ලුම් කිරීමේදී ඊට අදාළව ලැබුණු රක්ෂණය මත නිවෙසට සහ නිවෙස පිහිටි ඉඩමට ඇති වටිනාකම අනුව රුපියල් මිලියන 22ක රක්ෂණයක් හිමිවී ඇති බවත් ඔහු පැවැසුවේය.  ව්‍යාපාරිකයකු වන තමාට රක්ෂණයක් තුළින් මුදලක් ලබාගැනීම වරදක් වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත්, මේ මුදල් කිසි විටෙක ජනතාවගේ මුදලක් හෝ රජයේ මුදලක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජේ.වි.පී. එකෙයි පෙරටුගාමී එකෙයි ඉන්න පස්ස පැත්තේ අමාරුව තියෙන අය අපේ ගෙවල් ගිනි තිබ්බේ නැත්නම් ඔය වන්දිය  ජනතාවට ගෙවන්න වෙන්නේ නෑ යැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන