IMF ධ්ර්ජ් සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති

0
16

පසුගිය සතියේ අප වාර්තා කළ පරිදිම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක ලෙස අවසන් අදියරට එළඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී අතුරු අය-වැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ණය ආධාර සපයන ප්‍රධාන පෙළේ රටවල් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අතර, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්වී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ දියත් කරන බවය.

තාරක සම්මාන්