“මහින්ද වෙනුවෙන් රුපියල් 4ක්වත් ආණ්ඩුව වියදම් කරලා නැහැ” – ජනපති (VIDEO)

0
224

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 400ක් හෝ රුපියල් 4ක්වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගොවි ණය ලබා දීම සඳහා කල්ගත වුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස අලුත්වැඩියාව සඳහා මුදල් ලබා දීමට ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ යැයි රෝහණ බණ්ඩාර චෝදනා කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මිලියන 400ක් වත් රුපියල් 4ක්වත් වියදම් කරලා නැහැ. ඒත් අපිට යුතුකමක් තියෙනවා හිටපු ජනාධිපතිවරුන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් වෙන් කරලා ඒවා බලාගන්න.”