Cochchi.lk සමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට HNB, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනියි

0
41

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොළ සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk වෙත ඔවුන්ට නොමිලේ ප්‍රවේශය ලබාදීම සඳහා ශ්‍රී  ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

බැංකු සහ විදුලි සංදේශ යන ක්‍ෂේත්‍රවල දැවැන්තයන් ආයතන දෙකක් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මඟින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙම නව ඊ-වාණිජ්‍ය වේදිකාවට ප්‍රවේශ වන විට අමතර ප්‍රතිලාභ ලබා දෙනු ඇත. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී ‐ SME කයිලයිවාසන් ඉන්ද්‍රවාසන්, HNB SME සේවා සහ හවුල්කාරීත්වයන් පිළිබඳ ප්‍රධානී, නිලූක අමරසිංහ සහ SLT ප්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත්, ශ්‍රී   ලංකා ටෙලිකොම්

සාමාන්‍යාධිකාරී – Digital Transformation Projects ඉෂාරි සිරිවර්ධන, ශ්‍රී  ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ඩිජිටල් ව්‍යාපෘති, දිනේෂ් පෙරේරා සහ ශ්‍රී  ලංකා ටෙලිකොම් ජේ‍යෂ්ඨ කළමනාකාර (අලෙවි) ‐ SME සේවා සංවර්ධනය, ලාල්වින් ද සොයිසා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී ‐ SME කයිලයිවාසන් ඉන්ද්‍රවාසන් මහතා පැවැසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී  ලාංකිකයන් වශයෙන් අපට අපගේ ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා නව මංපෙත් සහ අවස්ථා පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. අපගේ අපනයන ඉහළ නැංවීම සහ මෙරට ආර්ථිකයේ කො¾දු නාරටිය වන අපගේ SME ව්‍යවසායකයන් සඳහා නව වෙළෙඳපොළ හ¾දුනා ගැනීම කෙරෙහි අප අවධානය යොමු කර තිබෙන අතර එය අපට අතිශයන්ම වැදගත් මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

ඒවගේම SME ව්‍යවසායකයන් සමඟ සැමවිටම කටයුතු කර ඇති බැංකුවක් ලෙස ඔවුන්ට online පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා. එබැවින් අපගේ SME ව්‍යවසායකයන්ට මෙම අවස්ථාව ලබාදීම සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපට සතුටුයි” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය මඟින් HNB පාරිභෝගිකයන්ට නොමිලේ දැන්වීම් ප්‍රචාරණ අවකාශය, ආරම්භක සහ දායකත්ව ගාස්තු නොමැති වීම සහ අමතර අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීමේ හැකියාව වැනි විවිධ ප්‍රතිලාභ ලබා දෙනු ඇත. එපමණක් නොව මෙම වේදිකාව මඟින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදන සඳහා ‘’ර්චඤඥ ඪද ඉපඪ ඹ්චදඬච’’ නමින් වෙනම කාණ්ඩයක් ඇතුළුව, කාණ්ඩ 500කට අධික පරාසයක විහිදුණු විවිධ නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත.

මෙම යෝජිත ඊ-වාණිජ්‍ය වේදිකාව SLT-MOBITELහි දත්ත මධ්‍යස්ථානයේ cloud පද්ධතියක ගබඩා කර තැබෙනු ඇත. තවද මෙම වේදිකාව මඟින් පරිශීලකයන්ට පුළුල් පරාසයක e-business අවශ්‍යතා සපුරාලන නම්‍යශීලී, විශේෂාංගවලින් පොහොසත් ඊ-වාණිජ්‍ය වේදිකාවක් පිරිනමන අතරම SME ව්‍යවසායකයන්ට ඔවුන්ගේ online වෙළෙඳසල් සහ e-shops නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි. ‘‘SME ව්‍යාපාර සැමවිටම ශ්‍රී   ලංකා ආර්ථිකයේ ජීවනාලිය ලෙස ක්‍රියා කරන අතර ගෝලීය වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා ඔවුන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් SLT ප්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත් මහතා පැවසුවේය. තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්‍රී   ලංකාවේ ප්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්‍රී  ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අබිසෙස් ලැබීය.