සනත් නිශාන්තට තවත් නඩු රැසක්

0
26

අධිකරණයට අපහාස වන ප්‍රකාශ සිදුකළ බව කියමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තට එරෙහිව ඉදිරි දින කිහිපයේදී තවත් නඩු රැසක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීමට නීතිඥවරුන් ඇතුළු කණ්ඩායම් කීපයක් පියවර ගෙන තිබේ.

විනිසුරුවරුන් පමණක් නොව නීතිපතිවරයා හා ශ්‍රී  ලංකා නීතිඥ සංගමයද ‍ෙදා්ෂදර්ශනයට ලක් කිරීම මෙසේ නඩු විශාල සංඛ්‍යාවක් ගොනු කිරීමට හේතුවී ඇති බවද නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් පැවැසීය.

රන්ජන් රාමනායක කළ අපහාසයටත් වඩා වැඩි අපහාසයක් සනත් නිශාන්ත මන්ත්‍රිවරයා සිදුකර ඇති බවද එම නීති ප්‍රවීණයා පැවැසීය.

පුද්ගලයන් හා කලහකර ගැනීම්, බැන වැදීම්, මෙන්ම අධිකරණ මඟහැර සිටීම් වැනි නීති විරෝධී ක්‍රියා රැසක් ඔහු මීට පෙර සිදු කර තිබීමද සැලකිල්ලට ගෙන ඔහුට එසේ නඩු පැවරීමට අදාළ පාර්ශ්ව පියවර ගෙන ඇති බවද දැන ගැනීමට තිබේ.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමය ‍ෙදා්ෂදර්ශනයට ලක් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රි සනත් නිශාන්තට එරෙහිව නීතිමය පියවර ගන්නේද නැද්ද යන්න පිළිබඳව නීති සංගමයේ විධායක කමිටුව රැස්වී තීරණයක් ගන්නා බව “මව්බිම” කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් එම සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පැවැසීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්තට එරෙහිව ඉදිරි කාලය තුළදී විවිධ පාර්ශ්ව නඩු කීපයක්ම ගොනු කරනු ඇති බව නීිතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා “මව්බිම” කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත