ලබන මහ කන්නයට හෙක්ටයාර් 110,000ක බඩඉරිඟු වැවීමේ සැලසුමක්

0
16

ලබන මහ කන්නයේ හෙක්ටෙයාර් 110,000ක බඩඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවැසීය. පසුගිය මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න මෙටි්‍රක් ටොන් 90,000ක් දක්වා පහත වැටීමත් සමඟ සත්ත්ව ආහාර හිඟය උග්‍ර වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එම හේතුවෙන් දියර කිරි, බිත්තර හා කුකුළු මස් ඇතුළු සත්ත්ව නිෂ්පාදන ඉහළ යෑම සඳහා පසුගිය මහ කන්නයේ බඩඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර සකස් කර භෝග අස්වැන්න කඩා වැටීම හේතු වී ඇතැයි ද ඔහු කීය.

ශ්‍රී  ලංකා හදබිම අධිකාරිය විසින් අරඹා තිබෙන අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් ඉහළ නැංවීම සඳහා කුකුළු පැටවුන් ලබාදීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ඔහු ඊයේ (30දා) මෙසේ පැවැසීය.

එළැඹෙන මහ කන්නයේදී බඩඉරිඟු අස්වැන්න ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බවත් හෙක්ටෙයාර් 60,000ක පමණ බඩඉරිඟු වගා කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

බීජ බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 50,000ක් අමාත්‍යාංශය සතුව පවතින බවත්, තවත් 25,000ක් ආධාර වශයෙන් ලැබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

නිර්මාණි ගුණරත්න