රජයේ සේවකයන් අද ඉන්නේ අසීරුවෙන්

0
22

පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන් දැඩි අසීරු අඩියකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් “මව්බිම” ට පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ ගෙවීම් පවා විවිධ හේතු දක්වමින් ප්‍රමාද කොට තිබෙන බවද ඔහු කීය.

එම රක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ගියවිටදී පවා විවිධ ලියකියවිලි ඉල්ලමින්

රක්ෂණලාභීන් අපහසුවට පත් කරන බවටද හෙතෙම චෝදනා කළේය.

එමෙන්ම විශ්‍රාම පාරිතෝෂිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දහ අට දහසක් පෝලිම්වල රැඳී සිටියද මේ වන තුරුත් එම ගෙවීම් කර නැතැයිද ජෝසප් ස්ටාලින් කීය.

රාජ්‍ය බැංකුවලින් පවා ණය ලබා ගත් රාජ්‍ය සේවකයන් තවත් ණය උගුලක සිර කොට තිබෙන බවට ඔහු චෝදනා කළේය.

එම ණයවලට අය කෙරෙන පොලී අනුපාත පවා ඉහළ දමා ඇතැයි හෙතෙම කීය.

සවනි ශේශාධි