නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ සුපිරි පිරිමි ශූරතාව අවිශ්කට

0
33

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය කළ නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ සුපිරි පිරිමි රේසිං අංශයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිශ්ක මැඩොන්සා සමත්විය. 

එහිදී කි.මී. 48ක දුරකින් යුත් මෙම තරගයේ අවිශ්ක පැය 1.06.03ක් සටහන් කරද්දී දෙවැනි තැන දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේම සඳරුවන් පින්ටෝ සහ තෙවැනි ස්ථානය දිනූ නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුසංක එම කාලයම සටහන් කර තිබිණි.

පැය 1.06.06කදී තරගය අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්‍ෂ සිවුවැනි තැනත්, පැය 1.06.36ක් සටහන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේම නිරාන් පසිඳු පස්වැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වූහ.

මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා සමාගමේ ජේ‍යෂ්ඨ කළමනාකරු (මහජන සම්බන්ධතා) දමිත කුලතුංග, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වැඩ බලන සභාපති ගෘෘප් කපිතාන් රංග පෙරේරා, එම සංගමයේම උප සභාපති චන්දන කඳනාරච්චි යන මහත්වරුද එක්ව සිටියහ.