දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

0
175

මැයි මස 10 වන දා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ තව ත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් තිදෙනා ඊයේ (අගෝ. 29) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගත් බව ය.

අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 31, 51 හා 52 වයස්වල පසුවන පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.