මට්ටක්කුලියේ වෙඩි තැබීමක්: අයෙක් මරුට

0
194

මට්ටක්කුලිය, අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ (අගෝ. 29) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇතැයි පොලිසිය සැක කරයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.