ජංගම දුරකතන සහ උපාංග හිඟ වීමේ අවදානමක්

0
549

ඉදිරියේදී ජංගම දුරකතන සහ දුරකතන උපාංගවල හිඟයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයනය සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පවසයි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

රජය පනවා ඇති ආනයන සීමා මීට ප්‍රධාන හේතුව බව සෙනරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

“දුරකතන බැටරීස් ගණයට තමයි සෝලා බැටරි අයත් වෙන්නේ. ඉතින් ඒ බැටරිය ගෙන්නන්න බැරි නම් සෝලා පැනල් එක ගහගෙන දවල්ට ලයිට් දාගෙන ඉන්න කියල ද මේ රජය කියන්නේ.”