සවස් වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

0
365

අද (අගෝ. 30) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පහළ වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වීමට ඉඩ ඇති වීම හේතුවෙන් මෙලෙස වැසි අපේක්ෂා ක‍රන බව ය.

දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.