Labelවලට බම්බු ගහගන්න කියලා Gamingවලින් ගේමක් ගහමු

0
48

අපේ වටපිටාව කියන්නෙ බැරියර්වලින් සුපෝෂිත අපිව ඇදලා බැඳලා දාන්න බලන් ඉන්න තැනක්. මේක කියවන ඔයා කොළඹ ද ඊට එහායින් ගත්තම ඩොටේද කියන එක ඒකට අදාළම නෑ. කෝඩේටා වංශයේ ක්ෂීරපායි මිනිස් සත්තු ටික පද්ධතියකට හික්මවා ගෙන තියාගෙන ඉන්නේ ඔන්න ඔය බැරියර් ටික තමයි. සංස්කෘතිය, සාරධර්ම අරක මේක කියල කියන්නෙ අර බැරියර් ටිකට දාපු  ව්‍යංගාර්ථවත් නාමයන් නෙවෙයිද?

එක අතකට ලංකාව වගේ සමාජයක  මිනිස්සු නම්,  අටෝරාශියක් හිතලුමය හොඳ – නොහොඳ මැද කොටු වෙන්න කැමැති මිනිස්සු ටිකක් නේ. අන්න එහෙම කොටු නොවී, මේ පුංචි කාරණේ දැනගන්න එක ස්ටක් වෙන්නැතුව තමන්ගේ ජීවිතේ රිද්මෙ තියාගන්න මිනිහෙක්ට වටිනවා. ලෝකයා කොයි කවර විධියට දේශනා කළත් මිනිස්සු හැසිරෙන්න ඕනෙ තමන්ට වඩාත්ම දැනෙන දේවල් ආශ්‍රය නිශ්‍රය කරගෙන නම් ඒක පහසුයි තමන්ටම. මොකද එතකොට තමන්ට තමන් වෙන්න පුළුවන් (be real, not perfect).

video gaming කියන්නෙ මේ වෙනකොට නරක මනසිකාර වැඩි ප්‍රමාණයක් අපිට පෙර පරම්පරාවෙ ඔළුවල තියෙන ක්ෂේත්‍රයක්. කොවිඩ් කාලෙ මාර්ගගත අධ්‍යාපනයත් එක්ක පාසල්

ළමුන් අතට පත්වුණු ජංගම දුරකථනවලින්

ළමයින් ට්චථඥවලට ඇබ්බැහි වුණා කියන ප්‍රවෘත්තිය ටිකක් ප්‍රකටයිනෙ. ඒව මේව එක්ක Gaming ගැන මැද මට්ටමක වුණත් අදහසක් වැඩිහිටි පරම්පරාවට කොහොම නම් තියෙන්නද? 

හැබැයි  තාක්ෂණික වශයෙන් දියුණුවෙන් දියුණුවට යන මේ වගේ කාලෙක Gaming කියන්නේ තවදුරටත් ක්‍රීඩාවක් විනෝදාංශයක් විතරක් නෙවෙයි.  ඉන් ඔබ්බට ගිහින් ආදායම් මාර්ග බවට පත්වෙලා කියල කියන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. International tournaments Youtube / FB live streams eSports  කී නොකී දේවල් හරහා ලෝකේ මේ වෙනකොට මිලියනපතියන් බවට පත්වෙලා ඉන්න professional gamers ලා ගොඩ දෙනෙක් මේකට උදාහරණ වෙනවා.

Jea Dong කියන්නේ මේ  වෙනකොට  27 හැවිරිදි වියේ ඉන්න world highest paid professional gamer කෙනෙක්. MBC Game starCraft league On game Net star league වගේ තරගාවලි ජයග්‍රහණය කරලා තියෙන ඔහු ඒ වගේ Tournaments 52කින් ඩොලර් මිලියන 5කට වඩා උපයලා තියෙනවා කියල තමයි කියන්නේ.

eSports ලෝකෙ ඩේවිඩ් බෙකම් ලෙස හඳුන්වන Carlos Oceleote ස්පාඤ්ඤ gamer කෙනෙක් International tournaments live stream eSports කණ්ඩායම්වලට තරග කිරීමෙන් ඔහු වසරකට ඩොලර් මිලියන 95ට වඩා උපයන බව සඳහන්.

ඒ වගේම Johnathan “Fatal1ty” Wendel කියන්නෙ  Doom 3 ක්‍රීඩා කරමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වෘත්තීය ට්චථඥප කෙනෙක්.  ඔහු Alien VS Predator සහ Painkiller වැනි Video Game නිසා වඩාත් ප්‍රචලිත වූ අයෙක්. ඔහු තරගාවලි 35කින් ඩොලර් මිලියන 45ක් උපයා ඇති බව සඳහන්. ජොනතන් පසුව Fatal1ty Gaming Gear නමින් සූදු ආම්පන්න සමාගමක් ආරම්භ කළ අතර එහි නිෂ්පාදන වෘත්තීය ක්‍රීඩකයන් අතර ඉතා ප්‍රසිද්ධයි.

Sumali Hassan කියන්නේ තවමත් 18 හැවිරිදි වියේ ඉන්න professional Gamer කෙනෙක්. Dota 2 play කිරීමෙන් විතරක් ඔහු ඩොලර් මිලියන 24කට වඩා උපයල තියෙනවා. කුඩා කාලෙ sumali පාකිස්තානයේ කරච්චිවල උපන් ගමේ දේශීය ක්‍රීඩා මධ්‍යස්ථානවල Gaming centers play කරල  ඔහුගෙ දක්ෂතාව නිසාම International gamersලගෙ අවධානය තමන් වෙත නතු කර ගන්න ඔහු සමත් වුණා. ඒ නිසා තමයි ඔහුට මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ.

මේ විස්තරය කියවනකොට Sumali වගේ ඔයාල දන්න කොල්ලො, කෙල්ලො මතක් වෙනවා ඇති. Gaming ආශාව එක්ක තමන්ගේ ටාගට්වලට ගියපු මේ වගේ චරිතවලට දැන් ජොබ් එකක අවධානයක් ගන්න අවශ්‍ය නැති තරම්. ලංකාවේ ඇතුළෙත් සෝෂල් මීඩියාවල live streamවලින් පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච අය ඔයාට අමතක නැතුව ඇතිනෙ.

මීට අමතරව තමන්ගෙ ටාගට්වලට යන ගමන් game ගහන එක විනෝදාංශයක් වශයෙන් කරලා ජීවිතේ සාර්ථක කරගත්ත අය කොතෙකුත් ඉන්නවා. ඕනම දෙයක් ඕනවට වඩා ඕන්නෑ කියනෙක අමතක කරලා නම අහපු සැණින්   “ගේම්  ආපෝ විනාසයි ළමයි” වගේ කතා නිතර ඇහෙන වටපිටාවක ජීවිතේ සමබරතාව උගන්වන මේ වගේ චරිතත් ඉන්නවා. පහුගිය දිනක විකාශන රූපවාහිනී වැඩසටහනක් එක්ක ලංකාවේ ගොඩක් දෙනාගේ අවධානයට ලක් වුණ මේඛලා උපමාලි කියන්නේ අන්න එහෙම කෙනෙක්.

ඇය වෘත්තියෙන් කථිකාචාර්යවරියක්. Gaming ඇගේ අරමුණුවලට ඇය බාධාවක් නොකර ගත්තා වගේම සමාජයේ පිළිගත් ප්‍රකට වෘත්තියකට එළඹෙන්නත් ඇයට දැන් හැකිවෙලා තියෙනවා.   ඒ වගේම ඒ  වැඩසටහනේදී මතක ශක්තිය වඩවා ගන්න ඉංග්‍රීසි ටික හදාගන්නත් ජීවිතේ එන එක එක අවස්ථාවලදී නිසි ක්‍ෂණික තීරණවලට එළඹෙන්නත් ගේම් වක්‍රාකාරයෙන් උදවු වුණා කියලා කියනවා. ඇගේ කතාවේ අවසානයට අවධානිතව කියන දෙයක් තමයි “Hobbiesවලට limit තියාගන්න අධිෂ්ඨානයට අවධානය දෙන්න.”

කසුන් කරුණාසේන තරුණ වෛද්‍යතුමත් මේ ගොඩටම ගන්න පුළුවන් තවත් කෙනෙක්. මේ වෙනකොට ක්‍රීඩා වෛද්‍යවරයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක වැඩ කරනවා වගේම Planet 361 youtube චැනල් එකේ Gaming Gaming Analysis වගේ දේවල් එක්කත් ඔහු ප්‍රසිද්ධ වුණු කෙනෙක් A 3 වගේ විශිෂ්ට සාමාර්ථයක් එක්ක උසස් පෙළ සමත් වෙලා මේ වගේ තැනකට ඇවිත් ඉන්න ඔහු ආසාවල් මරාගන් නැතුව ජීවිතේ ගේමක් ගහගත්ත ගොඩට වැටෙන ජීවමාන උදාහරණයක්.

තමන් වඩාත් ප්‍රිය ක්‍ෂේත්‍රයත් එක්ක ඉදිරියට යන්න හදාරන්න, එහි මෙතෙක් පැමිණි ගමන් මඟ දැන ගන්න එක ඕනෙම දෙයක් එක්ක ස්ථාවරත්වයකට අවශ්‍ය දෙයක්. අපි නිතරම අප වෙතට ඇරුණු අවකාශයේ පමණක් මාර්ග සොයනවා නම් හැමතිස්සෙම හම්බෙන්නෙ කලින් කවුරු හරි ගියපු  නැත්නම් කියපු මාර්ගයක්. අප වටපිටාවෙ බොහොමයක් අය අපිට පෙන්නලා දෙන්න හදන්නෙත් අන්න එහෙම පොදු මාර්ග දෙක තුනක් විතරයි. ඒත් අපි අපිට නොපෙනෙන දේ ගැන විශ්වාස කරන තරමට අලුත් දෙයක් හොයාගන්න ලේසී කියල මට හිතෙනවා. නවමු තාක්ෂණයත් එක්ක මේ සුහුරු හරඹ ක්‍රීඩා පමණක් නෙවෙයි තවත් කොතෙක් නම් දේ සැඟව ඇත්ද. අපි දන්න – නොදන්න අවකාශයේම ඒවා බුද්ධිමත්ව සිතා බලන්නත් නිවැරැදිව ග්‍රහණය කරගන්නත් අවශ්‍ය ආකල්ප පද්ධතියි මෙහි ප්‍රමුඛ විය යුත්තේ. එහෙම ලලාසාවන් එක්ක ජීවිතේ ගෙවන මිනිස්සු ඇත්නම් සතුටක් නැත්තෙ කොතැනද? 

ලෝකයේ හොඳ යැයි කියා ගත්ත දේවල් 100%ක් හොඳම නැහැ. අනිත් අතින් ගත්තොත් නරකත් නැහැ. ඉතින් “තමන්ගෙ අනුරාගය ඇති මාවතේ තියෙන ඕනෙම දේකින් කවුරුත් නොහිතන විධියට තමන්ට සාර්ථක වෙන්න පුළුවන්” කියනෙකත් කියන්න ඕනෙ. 

ස්තුතියි

සුභාෂිත ලක්මිණ