නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

0
134

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් ඊයේ (අගෝ. 29) දින දිවයින පුරා සිදු කළ වැටලීම්වලට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, පෙට්‍රල් ලීටර් 400ක් සහ ඩීසල් ලීටර් 2065ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර පළාත තුළ පමණක් ඩීසල් ලීටර් 1660ක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

ඒ අනුව, මෙතෙක් දිවයින පුරා සිදු කළ සමස්ත වැටලීම් 1489කින් සැකකරුවන් 1439 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම්වලින් පෙට්‍රල් ලීටර් 63,812ක්, ඩීසල් ලීටර් 198,962ක් සහ භූමිතෙල් ලීටර් 22,744ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.