සර්වපාක්ෂික ආණ්ඩුවකට කතා කරන්නේ ගල්අඟුරු මගඩියේ වාසි බෙදා ගන්නද?

0
57

සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ගල් අඟුරු මගඩියේ ඩොලර් බෙදා ගන්නදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. විදුලිබිල වැඩි කොට ජනතාව කබලෙන් ළිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය  හරහා හිමිවන ඩොලර් බෙදා ගැනීමට දැයි විපක්ෂ නායකවරයා විමසීය.

‘දූෂණය නවතනු විදුලිබිල අඩු කරනු – විදුලිබිල අහසට මුළු රටම අ¾දුරට’ තේමාව මූලික කරගමින් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) නිහඬ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්විණි.

එම විරෝධතාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා  මෙසේ කීය.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්, මෙවැනි මගඩිවලින් තවදුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යවලට මේවා නොපෙනෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි, හෙක්ටර්  අප්පුහාමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිර්මාණි ගුණරත්න