වෙළෙඳ සේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලියට සිවුවැනි වරටත් CDB අනුග්‍රහය

0
26

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම අඛණ්ඩව 4වැනි වරටත් අනුග්‍රහය දක්වන වෙළෙඳ සේවා සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලිය අද (30දා) සිට 4 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 7ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව කණ්ඩායම් 150කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වන මෙම තරගාවලිය ‘ඒ’ හා ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ‘ඒ’ කාණ්ඩයේ තරග වෙළෙඳ සේවා, තර්ස්ටන් හා කෝල්ට්ස් ක්‍රීඩාංගණවල පැවැත්වීමටත්, ‘බී’ කොටසේ තරග වෙළෙඳ සේවා, වෙස්ලි, ඩී.එස්.සේනානායක, පන්නිපිටිය ධර්මපාල සහ මත්තේගොඩ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා පැවැති අතර, එහිදී CDB සමාගමේ විධායක අධ්‍යක්‍ෂ කාර්තික් ඉලංගෝවන් මහතා විසින් අදාළ අනුග්‍රාහකත්වය වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ නිලධාරීන් වෙත භාර දී තිබිණි.

මෙම අවස්ථාවට CDB සමාගමේ ජේ‍යෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි) දර්ශන ජයසිංහ, එම සමාගමේ විධායක අධ්‍යක්‍ෂ (විකුණුම් හා ව්‍යාපාර සංවර්ධන) සසින්ද්‍ර මුණසිංහ, වෙළෙ¼ද සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියහ.