ලොස්ඇන්ජලීස් ශ්‍රී  ලංකා පදනමින් ජලභීතිකාවට සර්ප විෂට දෙන ඔෟෂධ පරිත්‍යාගයක්

0
23

ජල භීතිකාවට හා සර්ප විෂට ලබාදෙන රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් එන්නත් හා ඔෟෂධ තොගයක් මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා ලොස්ඇන්ජලීස් ශ්‍රී  ලංකා පදනම මඟින් 24 දින පරිත්‍යාග කරනු ලැබිණි.

මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, රිකිල්ලගස්කඩ දිසා රෝහල හා පාතහේවාහැට ප්‍රාදේශීය රෝහල් දෙකක් සඳහා මෙම එන්නත් හා ඔෟෂධ ලබාදුන් අතර අදාළ වැඩසටහන සම්බන්ධීකරණය හන්තාන ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ උඩවත්තේ විමලබුද්ධි හිමියෝ සිදු කළහ.

සර්ප විෂට හා ජලභීතිකාවට ලබාදෙන එන්නත් නොමැති බවට රෝහල් බලධාරීන් කළ දැනුම් දීමකට අනුව මෙම එන්නත් හා ඔෟෂධ ලබාදීමට පියවර ගත් බව විමලබුද්ධි හිමියෝ කීහ.

අදාළ ඔෟෂධ හා එන්නත් තොගය මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මියට උඩවත්තේ විමලබුද්ධි හිමියන් විසින් භාරදුන් අයුරුයි මේ.

මහනුවර – කේ.එල්. සුරවීර