මැණික්හින්නේ නිවෙසක නිදන් හෑරූ පස් දෙනකුට වැඩ වරදී

0
83

මැණික්හින්න පොලිස් වසමට අයත් සෙත්සිරි පෙදෙස, මැණික්හින්න ලිපිනයේ පිහිටි නිවෙසක් තුළ නිදන් හෑරූ පස් දෙනකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් පෙරේදා (28දා) අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 32 – 41 අතර පසුවන පුද්ගලයන් පස්දෙනකු හා රොටරි හැමර්, හිල්ටි හැමර්, අලවංගු, යකඩ බට හා මල් පහන් ඇතුළුව භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මේ වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැණික්හින්න පොලිස් ස්ථානයට භාරදී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රත්නපිටිය හා සහකාර පොලිස් අධිකාරි ජයවර්ධනගේ අධීක්ෂණය යටතේ මහනුවර කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.ජී.ජේ. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ මෙහෙයුම දියත් කර ඇත.

මිතුන් ජයවර්ධන