ගල්අඟුරු ගෙන්වීම ගැන සොයා බලන්න කංචන කාරක සභාවක් ඉල්ලයි

0
63

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන සොයා බලා ඊට වෙනම කාරක සභාවක් පත් කරන ලෙස විදුලි බලශක්ති අමාත්‍ය කංචන විඓසේකර  ඊයේ (29දා) මුදල් කාරක සභාවේ සභාපති මන්ත්‍රි හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීමක් කළේය.

 එම කාරණය සොයා බැලීමට හා ක්‍රියාත්මක වීමට සම්පූර්ණ බලතල තිබෙන බවද  අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයාගේ ඉල්ලීම වහාම ඉටුකරන  බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එමෙන්ම  මුදල්  කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම්  උපරිමයෙන් එය ඉටුකරන බවද මන්ත්‍රිවරයා අවධාරණය  කළේය.

එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳින් මෙහෙයවනු ලැබූ අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය  පුදකරන බවද ඔහු කීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි