කාට කාට වැදගත්වන පාට පාට ඇඳුම්වල තේරුම

0
70

ඔයා අඳින coloursවලින් ඔයාගේ look එකට වගේම personality එකට දෙන්න පුළුවන් value එකක් තියෙනවා. ඉතින් අද අපි ඔයාට වගේම අවස්ථාවට ගැළපෙන හොඳම colours එක්ක fashion කරන tips ටිකක් ඔයාලට දෙන්න හිතුවා.

Leadership එක පෙන්වන්න රතු පාට

රතු කියන්නේ හරිම powerful colour එකක්. ඔයාට කැපී පේන්න ඕනෙ නම් ඔයාගේ fashionවලදි red touch එකක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනෙ දේ තමයි ඔයා full red dress එකක් අඳිනවා නම් red over attraction Colour එකක්. ඒ වගේම ඔයාට hot, sexy look එකක් ඕනෙ නම් red කියන්නේ හරියනම පාට. 

ඒ වගේම red කියන්නේ වාසනාව පෙන්වන වර්ණයක් විධියටත් සැලකෙනවා. Leadership එක පෙන්වන colour එකක් විධියටත් red සැලකෙනවා. Red tie එකක්, red necklace එකක් වගේ දෙයක් ඔයාට මේ සඳහා යොදාගන්න පුළුවන්. රතු පාට fashionවලට යොදා ගනිද්දි ඔයාට පුළුවන් ඔයාගේ accessoriesවල පොඩි touch එකකින් ලොකු වෙනසක් කරන්න. රතු පාට සපත්තු (heels), handbag එකක්, necklace එකක් වගේ දෙයක් ඔයාගේ look එකට සම්පූර්ණ බවක් ගේන්න සමත්.

සාමකාමී වෙන්න නිල් පාට

නිල් පාට කියන්නෙත් වර්ණ අතර ප්‍රධාන පාටක්. නිල් පාට අපි boy’s colour කියලා හැඳින්වුණත් නිල් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ personality එක පෙන්වන්න හොඳම colour එකක්. Cool colour එකක් කියලා බැලූ බැල්මට පේන නිල් පාට හරිම clam colour එකක්. ඔයාට සන්සුන් සාමකාමී පෙනුමක් දෙන්න නිල් පාටට පුළුවන්. නිල් පාටේ තියෙන තවත් quality එකක් තමයි good company. හොඳ සන්නිවේදනතාවක් පෙන්වන්නත් නිල් පාටට පුළුවන්.

ඔයා අලුත් interview එකකට යනවා නම් Blue කියන්නේ හොඳ පාටක්. ඒ වගේම නිතරම අනිත් අය එක්ක ථධමඥ වෙන job එකක් කරනවා නම් ඔයාට පුළුවන් blue shades ඔයාගේ fashionවලට add කරගන්න පුළුවන්. ඒ වගේම නිල් පාටින් විශ්වසනීය බවත් පෙන්වන්වා.  ඔයාට නිල් පාට dress තෝරාගන්න ඒකත් හොඳ හේතුවක්. Sky blue, teal, babyish blue වගේ පාට ඕනෑම කෙනෙක්ට ගැළපෙනවා වගේම ඔයාගේ day to day look එකටත් හොඳින් ගළපගන්න පුළුවන්. ඒ වගේම denim blue වගේ colour එකක් වෙනත් ඕනෙම colour එකක් එක්ක match කරගන්නත් පුළුවන් වගේම blue colour blazer එකක් ඔයාගේ ඕනෑම office wear එකකක්ට desent look එකක් දෙනවා.

Bright වෙන්න ආස අයට කහ පාට

colours අතර තියෙන brightම වර්ණය තමයි කහ පාට. ඔයාගේ ඵඬඪද colour එක මොන පාට වුණත් ඔයාට කහ පාටත් එක්ක ඇඳුම් match කරගන්න පුළුවන්. Š. Warm, friendly feeling එකක් දෙන කහ පාට තනි පාටක් විධියට use කරද්දී ටිකක් හිතන්න ඕනේ. හරිම දීප්තිමත් පාටක් නිසා කහ පාට ඔයාට අනවශ්‍ය අවධානයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කහ පාටින් fashion කරද්දී කහ පාට ප්‍රභේද (colour shades) වලට යන එක හොඳයි.

එහෙදී Saffron yellow, Beer yellow, honey yellow, mustered yellow වගේ තද කහ පාටවල් වගේම sand yellow, oat yellow, vanila වගේ light කහ පාටවල් ඔයාට අපූරු පෙනුමක් ගෙනේවි.

ඇහැට වගේම හිතටත් පහසු කොළ පාට

ඇහැට වගේම හිතටත් පහසු කොළ පාට ඕනෑම කෙනෙක්ට ගළපාගන්න පුළුවන් පාටක්. ඒ වගේම ඔයාට ඔයාගෙ job එක මොකක් වුණත් කොළ පාටත් එක්ක ලස්සනට අඳින්න පුළුවන්. Fresh, New, Natural, healthy වගේ ලස්සන feelings දෙන green ඔයාගේ fashion එක්ක match කරද්දී ඔයා තෝරාගන්න green colour එකේ tone එක, shades ගැන හිතන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම පාටක් තෝරා ගනිද්දි පුළුවන් නම් olive green, bottle green, sage, moss green, army green, tea green වගේ unique colour shade ඔයාගේ fashionවලට ගන්න පුළුවන් නම් ඔයාගේ fashion හැමතිස්සෙම unique වේවි.

Energy එක ගන්න තැඹිලි පාට

රතු පාටේ තියන ආකර්ෂණීය බවත් කහ පාටේ තියෙන දීප්තිමත් බවත් එකතු වුණු තැඹිලි පාට ගොඩක් අය fashionවලදි එච්චර use නොකළත්, ඔයාගේ day to day fashionවලට වගේම special occasionවලදිත් orange ඔයාට Special look එකක් දෙන්න පුළුවන් පාටක්. මහන්සි දවසකට ඔයාට එනර්ජි එකක් දෙන්නත් successfully feeling එකක් දෙන්නත් orange colour එකට පුළුවන්.

හැබැයි මෙතැනදිත් අපි හැමතිස්සෙම දකින තද තැඹිලි (orange) පාටින් එහාට ගිහින් wheat  orange, coral colour, peach, rust වගේ colour shades fashionවලට තෝරාගන්න එකයි සුදුසු.

ගෑනුන්ට විතරක් ඔට්ටු නැති රෝස සහ දම් පාට

ගෑනු ළමයි බොහොමයක් fashionවලදිuse කරන රෝස පාට සහ දම් පාට මෝස්තරකාරයන්ටත් බොහොම හොඳින් ගැළපෙන පාටවල්. Romance, lovly feeling එකක් දෙන රෝස පාට ඕනෙම වයසක කෙනෙක්ටත් ගළපගන්න පුළුවන් පාටක් කියලා හිතුවත් හැබැයි pinkවල විශේෂයක් තියෙනවා. හැම pink එකම හැමෝටම හැමවිටම ගළපගන්න අමාරුයි. උදාහරණයක් විධියට babyish pink වගේ colour එකක් teen ageවලින් එහා කෙනෙක්ට වැඩිපුර suit වෙන්නෙ නැහැ. එතකොට hot pink වගේ colour එකක් බබෙක්ට, වයසින් වැඩි කෙනෙක්ට වගේම boy කෙනෙක්ටත් එච්චර ගැළපෙන්නෙත් නෑ.

ඒ වගේම office එකකට, උදේ කාලයට වගේ full hot pink dress එකක් match වෙන්නෙත් නෑ. හැබැයි pink අතරත් වැඩිපුර use වෙන්නෙ නැති salmon pink, punch colour, crepe colour, watermelon pink වගේ colours නම් ඔයාට ඕනේ විධියට fashionවලට use කරන්න පුළුවන්.

Purpleවලදිත් එහෙමයි. Royalty colour කියලා හඳුන්වන දම් පාට ඔයාට හැමවෙලේම elegant look එකක් දෙන්වා. Luxury colour එකක් වෙන purple, colour shades magenta, rasin colour, plum purple, mauve purple වගේ colours ඔයාට function එකකට elegant look එකක් ගේනවා. ඒ වගේම lavender, iris, lilac වගේ purple shades ඔයාට dreaming සුරංගනා feeling එකක් ගේනවා.

Colorsවලට අමතරව ඔයාට colour shades, colour tones වුණත් fashionවලට ගළපගන්න පුළුවන්. හැම colour එකක්ම ඒකේ tones, shades එක්ක වෙනම value එකක් ගන්නවා. ඒකත් ඔයාට fashionවලදි වැදගත්. අපි හිතමු ඔයාට Romance look එකක් ගන්න ඕනේ කියලා, මෙතැනදිත් ඔයාට red use කරන්න පුළුවන්. එතැනදි redවලම shade එකක් වෙන රෝස පාට (pink, rose) ගැන හිතන්න පුළුවන්.

Red color එකෙන් rich look එකක් ගන්න ඔයාට පුළුවන් Wine red කියන red shade එක use කරන්න.

තවත් පුංචි tip එකක්, ඕනෙම colour එකක් කළු පාටත් එක්ක mix වුණාම එන colour එක rich and deep look එක පෙන්වන colour එකක්. රතු පාටත් කළු පාටත් එකතු වෙලා හැදෙන wine red, එතකොට නිල් පාටත් කළු පාටත් එකතු වෙලා හැදෙන midnight blue, yellow සහ black එකතු වෙලා mustered yellow වගේ පාටත් elegant look එකක් දෙනවා. ඒ වගේම තමයි ඔයා චුට්ටක් chubby කෙනෙක් වුණත් මේ colours ඔයාට match කරගන්න පුළුවන්. ඉතින් ඔයා fashion කරද්දි colours ගැන, coloursවලින් පේන දේ ගැන අලුත් විධියට හිතන්න කියලා ඔයාගේ look එක personality එක වෙනදට වඩා කැපී පෙනේවි කියලා පැපිරස් mall මතක් කරනවා.

සීගිරි ජයවර්ධන.