විදුලි බල ඇමති පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ඉල්ලීම

0
344

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා කාරක සභාවක් පිහිටු වන ලෙස තමන් ඉල්ලීමක් කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (අගෝ. 29) පාර්ලිමේන්තුවේදීය.

එහිදී විජේසේකර මහතා යෝජනා කළේ, එම කාරක සභාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට භාර ගන්නා ලෙස ය.

“විශේෂයෙන් චම්පික රණවක ඇමතිතුමා ඒ වගේ ම හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ ඉන්ධන ඉතාමත් අඩු මුදලට ආනයනය කළ හැකි බව සහ අලෙවි කළ හැකි බව කියලා තියනවා. විෂය භාර ඇමතිවරයා හැටියට එවැනි කාරක සභාවක් හදලා විපක්ෂයට ලබා දෙනවා නම් ඒ සඳහා සම්පූර්ණ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. එය භාර ගන්න කියලා ඉල්ලීමක් කරනවා.”

මේ අතර, පාර්ලිමේන්තුවේ තවත් කාරක සභා කිහිපයක් පිහිටු වන්න ජනාධිපතිවරයා එකඟ වූ බව සභානායකවරයා දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.