සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන දිනය

0
262

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ නිෂ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝ. 29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

“අපි ඉක්මනින් දෙනවා. මාසේ කියන්න බෑ. අවිනිෂ්චිත ලෝකේ කිසි ම දෙයක් නිෂ්චිත නෑ. විශේෂයෙන් ලංකාවේ. කෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේ විභාග ප්‍රතිඵල කල් යන්නේ කියලා. මම කිව්වා මේක මහ රැජිණ විසින් පාලනය කරන දෙපාර්තමේන්තුවක් නෙමේ, මේකත් ලංකා ආණ්ඩුවෙන් පාලනය වෙන ආයතනයක්. මේ ඔක්කෝ ම අපටත් බලපෑවා. ඔන්න අපි නිකම් මහ රැජිණගේ පාලනය නිසා අපිට සියලු සම්පත් ඔක්කෝ ම ලැබිලා අපි වෙනම කණ්ඩායමක් විදියට නම් ටක්ගාලා ප්‍රතිඵල දෙන්න තිබුණා. ඒ නිසා ප්‍රතිඵල දෙන ඒවා ගැන අපිට කියන්න බෑ. අපි මේ සමස්ථ කුලකයේ උපකුලකයක්. මේ ඔක්කො ම දේ අපේ වැඩ කරන අයටත් බලපෑවා. අපි ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.”