‘මව්බිමේ’ අමිතට රන් පදක්කමක්

0
39

ශ්‍රී  ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 44 වැනි වාර්ෂික ඡායාරූප තරගාවලියේදී ‘මව්බිම’ හා ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල ඡායාරූප මාධ්‍යවේදී අමිත තෙන්නකෝන් රන් පදක්කමක් දිනා ගනිමින් උපහාර ලැබීය. එම තරගාවලියේ ‘අරගලය’ යන කාණ්ඩය යටතේ ඔහු ඉදිරිපත් කළ “පීඩිත පන්තියේ පීඩනය” යන ඡායාරූපයට මෙසේ රන් පදක්කම හිමිව ඇත.

‘ඔලිම්පික් හවුස්’හි ඊයේ (28දා) පැවති සම්මාන ප්‍රදානයේදී ඔහුට හිමි රන් පදක්කම හා සහතික පත්‍රය ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති කංචන මාරසිංහ අතින් ලබා ගන්නා අවස්ථාව. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල පෙරේරාද මෙහි සිටී.