නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ කනිෂ්ඨ බාලක ශූරතාව කාවින්දට

0
20

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය කළ නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ අවුරුදු 19න් පහළ කනිෂ්ඨ බාලක ශූරතාව දිනාගැනීමට ෆන් බී පාපැදි ක්‍රීඩා සමාජයේ දේශාන් කාවින්ද සමත්විය.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ වූ කිලෝ මීටර් 28කින් සමන්විත වූ මෙම තරගයේ පළමු ස්ථානය දිනාගත් දේශාන් කාවින්ද තරගය නිම කිරීම විනාඩි 44.11ක් ගත කළද කදිරාන ස්පීඩ් පාපැදි ක්‍රීඩා සමාජයේ සචින් උමේෂ් හා බොරලැස්ගමුව පාපැදි ක්‍රීඩා සමාජයේ ජාවින්ද ඩිල්ෂාන්ද එම කාලය සටහන් කරමින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගැනීම කැපී පෙනුණි.

නෙස්ටමෝල්ට් අනුග්‍රාහකත්වයෙන් පැවැති මෙම තරගයේ පිළිවෙළින් සිවුවැනි ස්ථාන හා පස්වැනි ස්ථාන සදර්න් පාපැදි ක්‍රීඩා සමාජයේ විනෝද් ප්‍රසන්නට (වි.45.55) හා ගෝල්ඩන් පාපැදි ක්‍රීඩා සමාජයේ තරංග ප්‍රනාන්දුට (වි.45.55)ට හිමි වූහ.

මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන බන්දුල එගොඩගේ, රුවන් වැලිකල, කළමනාකාර අධ්‍යක්‍ෂ ජේසන් අවන්සෙනා, යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියහ.