ජා ඇළ “කුඩු රැජින” යාචක කතක් සමඟ අත්අඩංගුවට

0
10

ජා – ඇළ ප්‍රදේශයේ “කුඩු රැජින” ලෙසට ප්‍රකට හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් හා හෙරොයින් මිලදී ගත් යාචක කාන්තාවක් සමඟ අත්අඩංගුවට ගත් බව ජා ඇළ පොලිසිය පවසයි.

දිගු කලක් තිස්සේ ජා – ඇළ ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කර ඇති ජා ඇළ ශ්‍රී  බෝධිරාජ රාම මාවතේ තිස් හය හැවිරිදි කාන්තාවක් වන අතර සිය තිසර පට තුළ හෙරොයින් මිලිග්‍රෑම් 2320ක් සඟවා අලෙවි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ ජා ඇළ බස් නැවතුම්පොළෙහි සිටින යාචක කාන්තාවකට හෙරොයින් අලෙවි කළ අවස්ථාවේදීය. අදාළ යාචක කාන්තාව සිඟමන් යැද ලබාගන්නා මුදලින් හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වූ තැනැත්තියක් බව පොලිසිය හෙළි කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පෙරේදා (28දා) වැලිසර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජා ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.ඩී. රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයසේකර, පොලිස් සැරයන් මිලින්ද (58135), සුජීව (89955) කුමාර (92970), මධුසංඛ (40507) කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන දිල්රුක්ෂි (12957) ඉමල්කා (20132) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ජා ඇළ – ප්‍රසංග පාවුළුහේවා, කටුනායක