කැලණිය විශ්වවිද්‍යාලයේ ‘යංග් ජර්නලිස්ට් – 2022’ පුහුණු වැඩමුළුව සාර්ථකයි 

0
18

කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ මාධ්‍යවේදීන්ගේ ප්‍රායෝගික දැනුම හා කුසලතාවන් වර්ධනය කිරීමේ අරමුණින් සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මඟින් වාර්ෂිකව  සංවිධානය කරනු ලබන ‘නේමඬල වෙබ් පුවත්පතෙහි – “Young Journalist” පුහුණු වැඩසටහන් මාලාව 2022 අගෝස්තු 22, 23, 24, 25, 26 දිනවලදී පෙ.ව. 9.00 – ප.ව 4.00 දක්වා විද්‍යාපීඨයේ පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මෙන්ම අනෙකුත් පීඨවල මාධ්‍ය කටයුතු සඳහා උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මාධ්‍ය අතර සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා අවස්ථාව සලසාදීම මෙම පුහුණු වැඩසටහන් මාලාවේ තවත් අරමුණකි.

මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයේ  ජේ‍යෂ්ඨ මාධ්‍යවේදීන් වශයෙන් කටයුතු කරන ‘මව්බිම’ ප්‍රධාන කර්තෘ – තිවංක බැරගම, ‘මව්බිම’ නියෝජ්‍ය කර්තෘ – සුසිල් සුරවීර, දිනමිණ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ – ඉරෝෂිණී දීපිකා, ‘දිනමිණ’ නියෝජ්‍ය උප කර්තෘ – සෙනරත් පුෂ්පානන්ද, ‘අද දෙරණ’ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ-යුවරාජ් අතුකෝරල, ‘දිවයින’ විශේෂාංග කර්තෘ – ජගත් කනහැරආරච්චි, ජාතික රූපවාහිනියේ Channel I නාළිකාවේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (කාලීන සිදුවීම්) – සංජය ඉන්ද්‍රකුමාර, ‘ලංකාදීප’ ප්‍රවෘත්ති කර්තෘ – රංජන් කස්තුරි, The Island නියෝජ්‍ය කර්තෘ –  සමන් ඉන්ද්‍රජිත්, ‘අද දෙරණ’ සාමාන්‍යාධිකාරි – වසන්ති නානායක්කාර, ‘ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ’ සිංහල සේවා අධ්‍යක්ෂ – ඉන්දික ජයරත්න, 

‘News 1st’ නාළිකා ප්‍රධානි – සුරංග සේනානායක යන මහත්ම මහත්මින් විසින් ‘Young Journalist 2022’ පුහුණු වැඩසටහන් මාලාවේ  දේශන මෙහෙයවනු ලැබිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජේ‍යෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ   උපදේශකත්වයෙන්, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ  අධීක්ෂණය යටතේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මඟින්  මෙම පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය  කෙරුණු අතර විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවලට අයත් විද්‍යාර්ථීන් රැසක් මාර්ගගතව සහ භෞතිකව මේ සඳහා සහභාගී වූහ.