තෙල් පෝලිම් යළිත් වැඩි වෙන්න හේතු ඇමති හෙළි කරයි

0
341

දැනට පවතින ඉන්ධන පෝලිම් අඩු කිරීම සදහා ඉදිරි දින 3 තුළ දිවයින පුරා අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් සටහනක් තබමි අමාත්‍යවරයා සඳහන් කළේ, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ පිරවුම්හල් මගින් ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව ය.

ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ගණනාවක් වසා දමා ඇති අතර විවෘතව පවතින පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවෝ පැවසූහ.