හිරු-සඳු වෘකයන් ගිලගත් ලොවක දෙවියන්ද අඳුරේය

0
731

අවසානයත් සමඟ ආරම්භය නෝර්ස් දේව පුරාවෘත්තවල එන තවත් සිදුවීමකි, “රැග්නරොක්” එහෙමත් නැත්නම් සියල්ලෙහි අවසානය ගැන කියවෙන සිදුවීම. වයිකිංවරු විශ්වාස කළ සඳහන් කළ ඔවුන්ගේ දේව කතාවල සඳහන් පුරාවෘත්ත ගත සිදුවීමක් ලෙස රැග්නරොක් සඳහන් වේ. රැග්නරොක් මොන වගේද කියලා බලමු. රැග්නරොක් කියන්නේ මොකක්ද?

පැරණි නෝර්ස් කතාවලට අනුව රැග්නරොක් සටහන් වන්නේ “රැග්නරොක්ර්” ලෙසය. රැග්නරොක් යනු “දෙවියන්ගේ අන්ධකාරය” නම් අර්ථයකි. එනම් මිනිසුන්, දේවයන් හා අදේවයන් ඇතුළු සමස්තයේ විනාශයයි. සරලව කිව්වොත් ලෝක විනාශය. මෙය අනිවාර්යයෙන්ම සිදුවන කිසිසේත්ම වැළැක්විය නොහැකි සිද්ධියක් ලෙස සැලකෙනවා.

රැග්නාරොක්වල පෙර නිමිති ත්‍රිත්වය

පළමුවැනි පෙර නිමිත්ත වන්නේ ඔඩින් නම් දේව නායකයාගේ පුත්‍රයෙක් වන “බල්ඩර්”ගේ ඝාතනය. මෙය සමස්ත දේව මණ්ඩලයේම තිගැස්මට හේතු වෙනවා. දෙවැන්න ලෙස කිසිදු උෂ්ණ සෘතුවක් නොමැතිව එක දිගට ශීත සෘතු ත්‍රිත්වයක් පැමිණීම. මෙම කාලය මහා සීත කාලය ලෙස හඳුන්වයි. තෙවැන්න ලෙස ආකාශයේ සිටින වෘකයන් විසින් හිරු සහ ස¾දු ගිල ගැනීම. එමඟින් තරු පවා නොපෙනී යන අතර සියල්ලම අ¾දුරේ ගිලීයයි. රැග්නරොක් ගැන දැනුම් දීම රැග්නරොක් නම් මහා විනාශයක් ඉදිරියේදී වන බව යම් දිවැසිවරයෙක් බඳු පුද්ගලයෙක් විසින් සියලුම පාර්ශ්ව වෙත දැනුම් දෙනවා. රැග්නාරොක් ආරම්භ වීම

“ස්කොල්” හා “හෙටී” නම් වෘකයන් දෙදෙනා විසින් හිරු සහ සඳු ගිල ගනියි. එමඟින් දෙව්ලොව අඳුරේ ගිලෙයි. නෝර්ස් කතාවලට අනුව විශ්වය නම් කරන්නේ “යග්ඩ්‍රැසිල්” නම් ගසක් ලෙසයි. මෙම ගස මඟින් තමයි සියලුම ලෝක එකට එකතු කර බැඳගෙන ඉන්නේ. අන්ධකාරය පැමිණීමත් සමඟ මෙම ගසත් සෙලවෙනවා. ඒ නිසා කඳු කඩාගෙන මතුපිටට වැටෙනවා. මේ අතරෙදි දම්වැලකින් බැඳ දමා ඇති “ෆෙනි්‍රර්” නම් දරුණු වෘකයා නිදහස් වෙනවා. ඒ සියල්ල සිදුවන අතරවාරයේදී “මිඩ්ගාඩ්” එනම් පෘථිවියේ සාගරය තුළින් මතුපිටට පැමිණෙන “ජෝමුන්ගැන්ඩ්” නම් දරුණු සර්පයකු විසින් සියලුම දිශාවන්ට විස නිකුත් කරනවා.

ඒ වගේම තවත් තැනක පිහිටි දෙවියන්ගේ නිවහන වන රත්රන්වලින් නිමවුණු “ඇස්ගාර්ඩ්” ලොව “මුස්පෙල්හිම්” නම් ගිනි ගන්නා ලොවින් පැමිණෙන ගිනි යෝධයන් විසින් විනාශ කිරීමට පටන් ගැනීමය. ඔවුන්ගේ නායකයා වන්නේ “සුර්තර්”ය. සුර්තර් සතු අග්නි කඩුවෙන් සියල්ල ගිනිබත් කරයි. “බයිෆ්‍රොස්ට්” නම් ලෝක අතර ගමන් ගන්නා දේදුනු පාලම පවා ගිනිබත් කරයි. මෙම ගින්න ලෝක 9 පුරාම එනම් සමස්ත නෝඩික් රාජ්‍යය පුරාම පැතිරේ. රැග්නරොක් හිදී දෙවියන්ට විරුද්ධව සටන් කිරීමට ගිනි යෝධයන්, හිම යෝධයන් හා එකට එක් වෙනවා.

ඔවුන්ට “ලොකී” නම් පාපකාර යෝධයන්ගෙන් පැවත එන අපාකරයේ අර්ධ දෙවියා සහාය වෙනවා. ලොකී හා යෝධයන් සතුව නැවක් පවතිනවා. මෙම නැව නිර්මාණය කොට තිබෙන්නේ මියගිය මිනිසුන්ගේ නියපොතුවලින්. එම නිසා මෙය “නිය නැව“ ලෙස හඳුන්වනවා. නෝර්ස් කතාවලට අනුව “නැග්ල්ෆාර්” යනුවෙන් මෙම නැව නම් වෙනවා. ක¾දු කඩා වැටීම්, පොළොව සෙලවීම් එක්ක ඇතිවන ජලගැල්ම නිසා එයින් බේරී ගමන් කිරීමට ඔවුන් මෙම නැව යොදා ගන්නවා. යෝධයන් මෙහි නාවිකයන් වන අතර දරුණු සර්පයා ලොව පුරා ගමන් කරමින් සියල්ල විස කරමින් සිටී.

දේව සටන් ඇති වීම

මේ අතර වාරයේ දැනුමට, ඥානයට හා බුද්ධියට අධිපති වූ දේව නායක ඔඩින් විසින් සටන මෙහෙයවනවා. කලින් ඉඳන්ම ඔවුන් රැග්නරොක් ගැන දැනුවත්ව සිටියා. ඔවුන්ගේ කණ්ඩායම් ද්විත්වය “එයිසර්”, “වැනිර්” නම් විය. ඔවුන් යොදාගත් සටන් භූමිය “විගි්‍රඩ්” විය. යුද වීරයන් සිටි “වැල්හැල්ලා” නම් ස්ථානයෙන් පැමිණි වීරයන් ඔඩින් හා එක් වෙනවා. ඔඩින් හා මිනිසුන් ෆෙනිර් නම් වෘකයා සමඟ සටන් කරන අතර එමඟින් ඔඩින් හා පිරිස මියයයි. එහි පළිය ඔඩින්ගේ පුත්‍රයෙක් වන “විදර්” විසින් ගනී. ඔහු මෙම වෘකයා මරා දමයි. “ට්‍යර්” නම් දෙවියා තවත් වෘකයකු වූ “ගාම්” හා සටන් කොට දෙදෙනාම විනාශ වෙනවා. අකුණට අධිපති වූ “තෝර්” දෙවියා පැමිණ ජෝමුන්ගැන්ග්ඩ් නම් සර්පයාට එරෙහිව සටන් කරයි. එමඟින්ද දෙදෙනාම විගි්‍රඩ් මතදී විනාශ වෙනවා. ලොකී හා හයිම්ඩල්ද එකිනෙකා හා සටන් කරමින් දෙදෙනාම මියැදේ.

අවසානයේදී සියල්ල විනාශ වෙමින් ගොඩබිම් සියල්ල මුහුදු ජලයේ ගිලී යමින් රැග්නරොක් අවසන් වෙනවා. සියල්ල අවසානයේදී මහා ජල ගැල්මක් සිදුවීමත් කාලයාගේ ඇවෑමෙන් නැවත සියල්ල ජනාවාසකරණය වන බවත් නෝර්ස් පුරාවෘත්තවල සඳහන් වෙනවා. නෝර්ස් දේව කතා අනුව මහා ජල ගැල්මකින් නෝඩික් රාජ්‍යයයේ මිඩ්ගාඩ් එනම් මධ්‍ය පෘථිවිය එක් යුගයකදී අතිවිශාල ජීවී හානියක් ඇති කරමින් විනාශ වී ගොස් තිබෙනවා. එමෙන්ම එම මහා විනාශයෙන් පසුව නැවත මානව වර්ගයා පැවත ඒමත් සිදුව තිබෙනවා. දැන් බලමු නෝර්ස් කතා අනුව කොහොමද මේ සිදුවීම සඳහන් කරලා තිබෙන්නේ කියලා.

මහා ජල ගැල්ම

මෙතැනදී ඉන්නවා ආදි කල්පිත ජෝටුන්හයිම් යෝධයෙක්. ජෝටුන්හයිම් කියන්නේ නෝඩික් රාජ්‍යයේ යෝධයන්ගේ ලෝකයයි. මේ යෝධයාගේ නම තමා “යමිර්”. නැත්නම් “ඔර්ගෙල්මිර්” කියලත් කියනවා. මේ යමිර් කියන යෝධයාව නිර්මාණය වන්නේ සීතල හා උණුසුම එකට එකතු වීමෙන්. මේ යමිර්ව ඝාතනය කරනවා ඔඩින් හා ඔහුගේ සොයුරන් වන “විලි“ හා “වෙ“ විසින්. ඔහුගේ ඝාතනයත් සමඟ ජෝටුන්හයිම් පුරා මහා රුධිර ගැල්මක් ඇති වෙනවා. ජලගැල්මක් කිව්වට රුධිර ගැලීමක් මෙතැනදි ඇති වෙන්නේ. එයින් බොහෝ දේ විනාශ වෙනවා.

නැවත ජනාවාසකරණය

ඊට පස්සේ මේ මියගිය යමිර්ගෙ ශරීරයෙන් පෘථිවිය නිර්මාණය කරනවා. නෝර්ස් දෙවිවරුන් විසින්. මේ මහා විනාශකාරී රුධිර ගැල්මෙන් යෝධ පුද්ගලයන් දෙදෙනෙක් බේරෙනවා. මේ දෙදෙනා තමා යමීර්ගෙ මුනුපුරා වන “බෙර්ගල්මිර්” හා බිරිය. ඔවුන් මේ රුධිර ගැල්මෙන් බේරීමට නැවක් සාදනවා. ඔවුන් පමණක් දිවි ගලවා ගත්තවුන් බව සඳහනක් නැහැ. බොහෝ විට තවත් කිහිපදෙනෙක් දිවි ගලවා ගන්න ඇති. ඉන් අනතුරුව ඔවුන් හරහා නැවත මිනිසා මේ ලෝකෙ ජනාවාසකරණය වෙනවා. මෙසේ ජනාවාසකරණය වීමේදී මිනිසාගේ ලෝක සම්ප්‍රාප්තියේ කතාවක්ද සඳහන් කරන්නට ඔවුන් අමතක කොට නැහැ.

නෝර්ස් පුරාවෘත්ත අනුව ලෝකයේ මිනිසුන්ගේ ආරම්භයක් විධියට “ගිල්ෆි“ නම් දේව රජුගේ එක් සමයක දිවෙන කතාවක් ලෙසයි ඇරඹෙන්නේ. එම කතාව මෙසේ සඳහන් කෙරෙනවා. ඔඩින්ගේ ශාලාව එහෙමත් නැත්නම් “වැල්හැල්ලා” යන ශාලාවේ ‍ෙදාර ආසන්නයේදී ගිල්ෆි රජුට හමු වෙනවා වයසක පුද්ගලයෙක්ව. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ “ගන්ග්ලෙරි” ලෙසින්. ඒ වගේම ඔහු කියනවා ඔහු මෙතැනට පැමිණියේ “සර්පයා” ගේ ගමන් මාර්ගය දිගේ බවත් තමන් යාඥා කරමින් මෙම ශාලාවේ අයිතිකරු කවුදැයි විමසූ බවයි. එහිදී මෙය අයිති රජුට බව කවුරුන් හෝ පැවැසූ බව ඔහු ගිල්ෆි රජු ඉදිරියේ කියනවා. ඉන් අනතුරුව ඔහු මෙම ශාලාවට ඇතුළු වූ විට දකිනවා විශේෂ කාමරයක්.

එහි මිනිසුන් සිටින අතර සමහරු ක්‍රීඩා කරමින් සිටීයි. තවත් සමහරු මත්පැන් පානය කරමින් සිටීයි. ඒ අතර සමහරු අත ආයුධ වූ අතර සමහරුන් කල කෝලාහල සිදු කළා. ඒ අතර එහි පිළිවෙළින් ඉහළට යන ආකාරයෙන් උස් ආසන ත්‍රිත්වයක් තිබුණා. එහි පහළම ආසනයේ සිට සිටින දෙවිවරුන්ගේ නාමයන් කවරේද යන්න ඔහු විමසුවා. පහළම ආසනයේ සිටියේ “ත්‍රිදි” නම් දෙවියායි. ඊළඟට “ජැෆ්නහාර්” හා උස්ම ආසනයේ “හාර්” නම් දෙවිවරු ඉඳගෙන සිටියා. ඉන්පසු ගන්ග්ලෙරි හා එම දෙවිවරුන් අතර සංවාදයක් ඇරඹෙනවා.

ගන්ග්ලෙරි – කවුද පරණම දෙවියා?

හාර් දෙවියා – ඔහු තමා දෙවියන්ගේ පියා, එහෙමත් නැත්නම් දේව නායකයා වන්නේ.

ඔහුට පැරණි ඇස්ගාර්ඩ්වලට අනුව නාමයන් 12ක් තිබෙනවා.

1. දෙවියන්ගේ පියා.

2. දෙවියා.

3. නිකාර්/හෙල්ලයේ දෙවියා.

4. නිකුදර්/රණ ශූර දෙවියා.

5. ඥානයට අධිපති දෙවියා.

6. ආශීර්වාදයේ දෙවියා.

7. කථිකත්වයේ දෙවියා.

8. හමුදා මෙහෙයවන දෙවියා.

9. දැවීමට අධිපති දෙවියා.

10. විනාශකරණයේ දෙවියා.

11. ආරක්ෂක දෙවියා.

12. අශ්වාරෝහක දෙවියා.

ඇස්කර් හා එම්බ්ලා නිර්මාණය

ගන්ග්ලෙරි –  දැන් කෝ ඒ දෙවියා. මොන බලයක්ද එයාට තිබුණේ?

හාර් දෙවියා – ඔහු හැම තැනම හැම කල්හිම ජීවත් වෙනවා.

ජැෆ්නහාර් දෙවියා – ඔහු ස්වර්ගය, ගුවන හා පෘථිවිය සැරසිලි කළා.

ත්‍රිදි දෙවියා – ඔහු මුල්ම මිනිසා “නිර්මාණය” කළා. ඔහුට ආත්මය ලබා දුන්නා කවදාවත් නොදිරා යන ලෙස. ඔහු මිනිසාගේ භෞතික කය නිර්මාණය අච්චුවකට දැම්මා. ඔහු මේ දේවල් කළ ස්ථානය තමා “ගිම්ලේ” නමුත් යක්ෂ මිනිසෙක් අපායට ගිහින් අ¾දුරට වැටුණා. ඔහු වැටුණේ 9 වැනි ලෝකයට.

ගන්ග්ලෙරි – එතකොට ස්වර්ගයයි පොළොවයි හදන්න කලින් ඒ දෙවියා කොහෙද හිටියේ?

හාර් දෙවියා – හිම යෝධයන් එක්ක.

ගන්ග්ලෙරි – මොකක්ද ආරම්භය? කොහොමද පටන් ගත්තෙ? ඊට කලින් මොකක්ද තිබුණේ?

ජැෆ්නහාර් – පෘථිවිය නිර්මාණයට බොහෝ කලකට පෙර මෙය අයිස්වලින් සැදී තිබුණේ.

ඉන් අනතුරුව දේව නායකයා සුර්තර් පරාද කිරීම, අයිස් මඟින් ඇති වූ ගැටලු හා දේව යුද්ධය විස්තර වේ. ඉන් අනතුරුව නැවත පළමු මිනිසා නිර්මාණය කළ අවස්ථාව විස්තර කරනවා.

ගන්ග්ලෙරි – පෘථිවිය, සූර්යා, ස්වර්ගය මේ සියල්ල නිර්මාණය වූ පසු ලෝකය ජනාවාස වෙන්න මිනිසා කවද්ද ආවේ?

හාර් දෙවියා – බෝර් දෙවියන්ගේ පුත්‍රයන් මුහුදු වෙරළේ ඇවිද යන විට ඔවුන්ට ශාක 2ක් හමු වෙනවා. ඔවුන් මේ ශාක දෙක මනුෂ්‍ය බවට හරවනවා. එක් පුත්‍රයෙක් මේ මිනිසුන් දෙදෙනාට අධ්‍යාත්මය හා ජීවිතය ලබාදුන්නා. තවත් පුත්‍රයෙක් හැඟීම් සහ ඉන්ද්‍රියයන් ලබා දුන්නා. තවත් පුත්‍රයෙක් කථනය, පෙනීම, ශ්‍රවණය හා උදේ‍යාගය ලබා දුන්නා. ඔවුන් ඇඳුම් මෙන්ම මෙම ප්‍රථම මිනිසා සහ ගැහැනිය වෙත නාමයන් ලබාදුන්නා. පුරුෂයා “ඇස්කර්/අස්කර්/ඇෂ්” හා කාන්තාව “එම්බ්ලා/ඉම්බ්ලා” යනුවෙන් නාමකරණය කළා. ඔවුන් මනුෂ්‍ය සංහතියේ ආරම්භක මිනිසුන් වුණා.

ඔවුන් මෙලොවට දායාද වූයේ පෘථිවියේ දිව්‍යමය පාරාදීසයකදීය. දෙවියන් දිවි ගෙවූ ඇස්ගාර්ඩ් මිනිසුන් හැඳින්වූයේ “ට්‍රෝයි“ ලෙසයි. ඇස්ගාඩ්වල විස්තරයෙන් පසු යෝධයන්ගේ පරම්පරාවක් කියවෙනවා. “නෝර්ෆි“ නම් යෝධයකුට දියණියක් සිටිනවා. ඇගේ නම “නයිට්”. ඇය අඳුරට සමීප කාන්තාවක්. පුත්‍රයාගෙ නම “ඔඩ්‍රර්”. ඇයව මනුෂ්‍යයකුට දෙනවා. ඔහුගේ නම “නග්ල්ෆාරි”. එහිදී “නයිට්” විවාහ වෙන්නේ “අන්නර්” නම් පුද්ගලයකු සමඟ. ඔවුන්ගේ දියණිය “ජෝර්ඩ්” නම් වෙනවා.

මෙම නෝර්ස් දේව කතන්දරවල සඳහන් රැග්නරොක් හා සිදුවීම්, මිනිසාගේ ඇති වීමේ කතා බොහෝ සමානතාවක් බයිබලය වැනි ආගමික ග්‍රන්ථවල සඳහන් තොරතුරුවලට විශාල සමානකමක් දරනවා. කෙසේ නමුත් එසේ සමාන වීමට හා පොදු රාමුවක් එම කතන්දරවල පැවතීම මෙතෙක් ඉතිහාසයේ සැඟවුණු එක් ප්‍රධාන සත්‍ය  සිද්ධියක් තිබුණාද යන්න සෙවීමට ලක් කළ යුතුයි.

රවිඳු බණ්ඩාර