ශ්‍රී ලනිපයේ ‘අපේ කමට පණ දෙමු’ සැප්. 02

0
10

ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සර සැමරුම සැප්තැම්බර් 2දා සවස 2ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. “අපේ කමට පණ දෙමු – අභියෝගය ජයගමු – යුග මෙහෙවරට උරදෙමු” තේමාව මුල්කර ගෙන එම සංවත්සරය පැවැත්වෙන්නේ පක්‍ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන්, පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරුන්ද ඊට සහභාගිවීමට නියමිතය.

විනීතා එම්. ගමගේ