තුර්කි කන්දෙන් පෘථිවියට පැමිණි විනාශකාරී උරග මිනිසුන්

0
834

ලෝකයාගෙන් සැඟවී මුළු ලෝකයම පාලනය කරන, මිනිසා දිනෙන් දින විනාශය කරා රැගෙන යන, කුඩා දරුවන් පැහැරගෙන බිය වද්දා ඔවුන්ගේ ලේවලින්, මිනිසුන්ගේ මොළයේ යම් යම් කොටස්වලින් සහ අ¾දුරු සිතුවිලිවලින් පෝෂණය වන illuminate සංවිධානයට පණ පොවන ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන පරිදි මිනිසා පාපයට පොළඹවා ගත් සර්පයා ලෙස හ¾දුන්වන, පිටසක්වළ ජීවීන් වහල් සේවයට යොදවා ගෙන ඔවුන් ලවා මිනිසුන්ගේ ජාන විකෘති කර ඔවුන් පර්යේෂණවලට යොදා ගන්නා සහ පැහැර ගන්නා, පොළොවේ උමං සාදා රහස් සමුළු පවත්වා ජීවත් වන, ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ලොව ප්‍රබල රජ පවුල් තුළ සැඟවී ලෝකයම පාලනය කරන ඉතාමත් භයානක “රෙප්ටීලියන්” ජීවීන් පිළිබඳව ඔබ දැනටමත් අසා තිබෙනවා ඇති.

වර්ෂ 1982දී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ තිබෙන කැනඩාවේ ජාතික  කෞතුකාගාරයේ ඉතාමත්  දක්ෂ පුරාවිද්‍යාඥයකු සහ පොසිල  පිළිබඳව අධ්‍යයනය කරන  ඉතාමත් ශ්‍රේෂ්ඨ විද්වතකු වන Dale Russell කල්පිත පරීක්ෂාවක නිගමනයක් නිකුත් කරනු ලැබුවා.  එහි සඳහන් වී තිබෙන්නේ විශාල මොළයක් සහ බුද්ධියක් ඇති එක්තරා ජීවියෙක් පිළිබඳවයි. ඔහු එක්තරා උපකල්පනයක් ගොඩනඟන අතර ඊට අවුරුදු මිලියන 65කට ඉහත සිදුවුණු මහා විනාශයෙන් ඩයිනෝසරයෙක් ඉතුරු වූවා නම් එම ඩයිනෝසර් ක්‍රමක්‍රමයෙන් මිනිස් වර්ගයකට පරිණාමය වෙන්න පුළුවන් කියන දේ. මේ සඳහා යොදා ගනු ලැබුණේ Troodon නම් එදා මෙදාතුර ජීවත් වූ බුද්ධිමත්ම ඩයිනෝසර් වර්ගය.

ඔහු මෙම Troodonගේ ඇටකටු අධ්‍යයනය කරලා මිනිස් සිරුරකට පරිණාමය වුවහොත් කුමක් සිදුවේද යන්න අධ්‍යයනය  කරනු ලැබුවා. එවිට  ඔහුට මානව රූපී උරග මිනිසකුගේ රූපයක් ලැබුණා. පසු කාලීනව අපි “රෙප්ටීලියන්” ලෙස හ¾දුන්වන්නට ආරම්භ කළේ මොවුන්වයි. අතීතයේදී මිනිසා මෙම උරග මිනිසා ලෙස නම් ලැබූ යම් මිනිස් වර්ගයක් පිළිබඳව පුවතක් සහ කතා අසන්නට  ලැබෙනවා. අපිට ප්‍රශ්නයක් මතු වන්නේ ඔවුන් ඇත්තටම ජීවත් වුණාද යන්න පිළිබඳවයි. අපි නිකමට සිතුවොත් ඒක ඇත්ත වෙන්න පුළුවන් නේද? එහෙම නම් රෙප්ටීලියන්  කියන්නේ පිටසක්වළ ජීවීන් නොවන්නට පුළුවන.

ඔවුන් අප පෘථිවිය  තුළම  කලින් පරිණාමය වූ ජීවීන් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වුණු ජීවීන් කොට්ඨාස වෙන්න පුළුවන්.  ඔවුන් අප අතරම කුරුල්ලන් ලෙස වාසය කරනවා. මිථ්‍යාවට අනුව නම් ඔවුන් පරිණාමය වූයේ ඩයිනෝසරයෙක්ගෙන්  බව අපට විශ්වාස කරන්න පුළුවන්. ඊට හේතුව වන්නේ මිනිසුන් වන අපි පරිණාමය වූයේ උර්ගයකුගෙන් වන නිසා. මිථ්‍යාවට අනුව ඩයිනෝසරයන් සම්පූර්ණයෙන්ම වඳ නොවී මොවුන්ගෙන් “Dinosauroid” නැති නම්  කකුල් දෙකෙන් සිටගන්නා මිනිසෙක් මෙන් ජීවියෙක් පරිණාමය වෙලා තිබෙනවා. මේ Semi humanos / Semi reptilians නැති නම් අර්ධ මානව ජාන සහ අර්ධ උරග මානව ජානවලින් සැකසුණු උරග මානවයාව “රෙප්ලොයිල්” ලෙස හ¾දුන්වනවා.

වර්තමානයේදී ඔවුන්ව හ¾දුන්වනු ලබන්නේ “රෙප්ටීලියන්” ලෙසයි. Dale විසින් මොවුන් අඩි 4 – 5 පමණ උස කිලෝග්‍රෑම් 30ක් පමණ බරැති ඉතාමත් දියුණු බුද්ධියක් පැවති මානවයෝ ලෙස උපකල්පනය කළා. මොවුන් ඇත්තටම  ජීවත් වූවා දැයි අපට ප්‍රශ්නයක් මතු වෙනවා. අපි සිතුවොත් මීට වසර මිලියන 65කට පෙර සිදුවුණු මහා වඳවී යෑමෙන් ඩයිනෝසරයන් සදහටම වඳ නොවී ශරීර ප්‍රමාණය කුඩාවී, පරිණාමනය වී,  බුද්ධිමත් වී, මිනිස් වර්ගයට පරිණාමය වූ බව. ඇත්තටම එය සිදුවන්න පුළුවන්. එසේ නම් රෙප්ටීලියන් යනු පිටසක්වළ ජීවීන් නොවන්නට පුළුවන්. මොවුන් අප පෘථිවියේම ඩයිනෝසරයන්ගෙන්  පරිණාමය වුණු ජීවියෙක් වෙන්න පුළුවන්. ඩයිනෝසරයන්  පිළිබඳව පවතින මතවාද දිනෙන් දින අලුත් වෙනවා. මොවුන්  ගැන විවිධ උපකල්පිත දවසින් දවස හමු වෙනවා.

අපි විසින් ගොඩනැඟූ ඇතැම් කල්පිත අද වන විට සැබෑ වෙලා තිබෙනවා. ඒ තමයි ඩයිනෝසරයින්  සදහටම වඳවී නොමැති බවත් ඔවුන් කුරුල්ලන් ලෙස වාසය කරන බව. ඒ අනුව රෙප්ටීලියන්ගෙන් ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වූ බවට පවතින කල්පිතය ඇතැම් විට සත්‍ය කරුණක් වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් පරිණාමනය වී ජීවී කොට්ඨාසයක් බවට පත්වී පෘථිවිය අත් හැර දමා අභ්‍යවකාශ ගතවුණු බව ඉතිහාස කතාවල සහ මිථ්‍යා කතාවල සඳහන් වෙනවා. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව  පිළිබඳව අපි තාම දන්නේ නැහැ. නැවත ඔවුන් පෘථිවියට පැමිණ පෘථිවිය පාලනය කරන බවට එක් එක් මතවාද පැතිරෙනවා.

රෙප්ටීලියන් පිළිබඳව ඇති අනෙකුත් මතය වන්නේ Alpha Draconic තරු පන්තියෙන් පැමිණ පෘථිවිය පාලනය කරන බව. ඔවුන් පෘථිවියට පැමිණ තිබෙන්නේ මීට වසර 10,000කට පමණ ඉහතදීයි. ඔවුන් මිනිසුන් සමඟ  ගනුදෙනු කර ඇති බව, පසුකාලීන ඔවුන්  මිනිසුන්ගෙන් සැඟවී උමං තුළට ගිය බවත් අද වනවිට ඉතා ප්‍රබල දේශපාලන චරිතවලට මුවාවී ලෝකය පාලනය කරන බවත් යම් යම් සමාජ විසින් හෙළි කරන ආන්‍ෙදා්ලනාත්මක  ප්‍රකාශයන්හි අඩංගු වෙනවා. “ඇන්තනී වෝනර්” නම් නාෂ්වෙල් බෝම්බකරුවා ඊට නිදසුනක්.

ඔහු මියයෑමට ප්‍රථම සිය මිතුරාට පාර්සලයක් ලබාදී තිබෙනවා. එහි තිබී මිතුරාට අමුතු සඳහනක් හමුවෙලා තිබෙනවා. ලියුම ආරම්භ කොට ඇත්තේ මෙවැනි ආකාරයකටයි. “Hey Dude, You will never what i found in the park.” ඒ වගේ මෙහි අස්සන් කර ඇත්තේ බ්භතඪධ ලෙසයි. එය මොවුන් දෙදෙනා භාවිත කරන නමක්. හරියට අපි යාළුවන් අතර එක එක නම් දාගන්නවා වගේ. ඒ අනුව බ්භතඪධ කියන්නේ මොහුට  කියන තවත් නමක් ලෙස හ¾දුන්වනවා. “මම සතුව තිබෙන දැනුම අතිවිශාලයි. මට හැම දේම හොඳට තේරෙනවා. හැමදේම කියන්නේ හැමදේම. මම දැන් මේ විශ්වයේ විශාල රහසක් දන්නවා.” ලෙස ඔහු ලිපියේ සටහන් කර තිබෙනවා.

මේ පාර්සලේ තිබී pen drive දෙකක්ද ඔහුට හමු වෙනවා. තවත් පිටුවක 911 අබිරහස සහ සඳ ගමන පිළිබඳව අබිරහසක් පවතින බව සඳහන් කර තිබෙනවා. ඒ වගේම පෘථිවිය අවසන් වීමට තිබුණේ 2011 සැප්තැම්බර් මස බවත් සඳහන් කර තිබෙනවා. එයට හේතුව ලෙස සඳහන් කර තිබුණේ පිටසක්වළ ජීවීන් පෘථිවිය තුළ පුරවා ගැනීමට සැලසුම් කර තිබූ නිසා බව දක්වා තිබුණා. ඒ වගේම ජනමාධ්‍ය මහ ජනතාවගෙන් එම තොරතුරු වසන්කර තිබෙනවා. ලියවිල්ලේ තවත් පුදුම හිතෙන සඳහනක් එහි තිබෙනවා. රෙප්ටීලියන් පිළිබඳව අමුතු සටහනක් කර තිබෙනවා. ඔහු විසින් කියා තිබෙන්නේ රෙප්ටීලියන් පෘථිවිය පාලනය කරන බවට.

ඔහු එය ලියා ඇත්තේ මෙවැනි ආකාරයකට. “they also put the sweet into the human brain. So, They could walk among us and appear as a human.” ඒ අනුව රෙප්ටීලියන්  විසින්  ඵඹඪබජඩ  එකක් මිනිස් මොළයට දමන බව ඔහු සඳහන් කර තිබෙනවා. එවිට ඔවුන්ට මිනිසුන්ව පාලනය කළ හැකියි. ඔහුගේ මේ ලියවිල්ලේ හිතාගන්න බැරි අමුතු දේවල් සඳහන් කර තිබෙනවා. නමුත්  පිරවීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් එම ලියවිල්ල තුළ සඳහන්ව පවතින්නේ නැහැ. ඔහු ක්ෂණිකවම මෙය FBI වෙත ලබාදීමට කටයුතු කරනවා. මෙම ලියුම් පාර්සලය post mark කර තිබෙන්නේ දෙසැම්බර් මස 23 වැනි දිනදී. එනම් බෝම්බයට දින දෙකකට පෙරදී. කොහොම නමුත් මිනිස්සු විශ්වාස කරන්නේ මේ ඔහු රෙප්ටීලියන්ව විනාශ කිරීමට ගත් උත්සාහයක් බවටයි. පුදුමයට කාරණාව වන්නේ සියලුම ලියකියවිලි ඇමෙරිකානු රජය විසින් සැඟවීම. pen drives දෙකේ තිබුණු videos අද වන විට අබිරහසක්.

“ඩේවිඩ් අයිඩ්” නමැති රචකයා පවසන ආකාරයට අනුව රෙප්ටීලියන් සතුව විවිධ කුල සහ වර්ග පවතිනවා. ප්‍රධානම රෙප්ටීලියන්  වර්ගය ලෙස full blood සහ cross speed හ¾දුන්වන්න පුළුවන්. Cross brirdsලට මිනිසුන් ලෙස වෙස් මාරු කරන්න පුළුවන්. ඔවුන් මිනිසුන්ගේ ජාන ගෙන කෘත්‍රිමව ඔවුන් විසින් නිර්මාණය කළ අය. pio birdsලට මිනිස්සු ලෙස වෙස්වළාගත නොහැකියි. මොවුන් මිනිස් මොළය තුළ මොවුන් මිනිසුන් ලෙස පෙනෙන ආකාරයට හසුරුවාගනු ලබනවා. එවිට ඔවුන්ට වෙස්වළා ගන්න අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. බුදුහාමුදුරුවන් මෙන් මනස දියුණු කළ කෙනෙක්ට මෙලෙස අප ඉදිරියේ සිටින රෙප්ටීලියන්ව හ¾දුනා ගන්න පුළුවන්. cross speedලා සාමාන්‍ය මිනිස්සු වගේම වුවත් ඔවුන්ව පාලනය කරනු ලබන්නේ pio birds විසින්. ඔවුන්  වැඩපිළිවෙළ new world ලෙස නම්කර තිබෙනවා. මොවුන් මෙලෙස නිර්මාණය කරන්නේ අලුත් ලෝකයක්. මෙම වර්ග දෙක අතර කුල විශාල ප්‍රමාණයක් තිබෙනවා. මොවුන්ගේ නායකයන් “ග්‍රේකෝස්” ලෙස හ¾දුන්වනවා. මොවුන් අතර සිටින ඇතැම් අය සුදු පැහැති අය මොවුන්ට පහළින් සිටින්නේ “රෙප්ටොයිල්.” ඔවුන්ට අත්තටු නැහැ. ඔවුන්ට සාමාන්‍යයෙන් දුඹුරු හා කොළ පැහැති උරග සමක් පවතිනවා. මොවුන් තමයි ඇමරිකානු රජයේ රහස් පරීක්ෂණ සහ ව්‍යාපෘතිවලට මුල පුරන්නේ. හොඳම නිදසුන ලෙස “මොන්ටූක්” ව්‍යාපෘතිය හ¾දුන්වන්න පුළුවන්. මෙය තමයි ඇමරිකාව තුළ කාල තරණය අත්හදා බැලීමට සිදුකළ රහස් පරීක්ෂණ. මේ සඳහා ජීවය ලබා දුන්නේ රෙප්ටීලියන් බව පවසනවා. මෙම පරීක්ෂණය සාර්ථක වූ බවට ඇතැම් රහස් වාර්තාවල සඳහන් වෙනවා. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව හරියට අපි දන්නේ නැහැ.

 රෙප්ටීලියන් කෙනෙක්ව හදුනා ගන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම මොවුන්ට තිබෙන ඇස්වලින් මොවුන්ව හ¾දුනාගන්න පුළුවන්. යම් අවස්ථාවලදී මෙම ඇස් වෙනස් වෙනවා. මොවුන්ට අඩු රුධිර  පීඩනයක් වගේම සිරුරේ යම් ස්ථානවල කොරපොතු පවතිනවා. මොවුන් මිනිසුන් වගේම සිටින නිසා හ¾දුනා ගැනීමට තරමක් අපහසුයි. ඔවුන්ගේ හැසිරීම තුළින් ඔවුන්ව හ¾දුනා ගන්න අපට පුළුවන්. රෙප්ටීලියන්ලට හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ. ඔවුන් සමහර විට ආවේගශීලී, සිතේ ආදරයක් ජනිත වන්නේ නැහැ. ඒ වගේම පුදුමාකාර විදිහට බුද්ධිමත්. ඔවුන් නිතරම අභ්‍යවකාශ පිළිබඳ උනන්දුවක් දක්වනවා. සමහරවිට රූපවාහිනි  වැඩසටහන්වල පුද්ගලයන්ගේ හැසිරීම් හොඳින් බැලුවොත් එය හොඳින් හ¾දුනා ගන්න පුළුවන්. මොවුන් බොහොමයක් මිනිසුන්ව හසුරුවන්නේ මාධ්‍ය තුළින්.

ඒ නිසා රෙප්ටීලියන්ලා ජන මාධ්‍යකරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්. මිනිසුන්ව හැසිරීමට පවතින හොඳම ක්‍රමය රූපවාහිනිය බව ඔවුන් දන්නවා. ජනප්‍රිය නළු නිළියන් අතර රෙප්ටීලියන්ලා සිටිනවා. මේ අතර දැනට සැක පවතින ගායික ගායිකාවන් අතර Justin Bieber, Beyoncé,  Eminem, Angelina Jolie, Rihanna ඉන්නවා. මොවුන් මෙලෙස ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටින්නේ එවිට ඔවුන්ට මිනිසුන් විශාල ප්‍රමාණයක් එකවර හැසිරීමට හැකි නිසයි. ප්‍රබල දේශපාලන චරිතවලටත් මොවුන් මුවා වෙලා සිටිනවා ඒ අතර බි්‍රතාන්‍ය රජ පවුල, Barack Obama, Joe Biden, Hillary Clinton සහ Vladimir Putin හ¾දුන්වන්න පුළුවන්. මෙහි සත්‍යතාවය පිළිබඳව හරි ආකාරව කරුණු සඳහන්ව නොමැති වුවත් Obama ගේ ආරක්ෂකයා රෙප්ටීලියන් කෙනෙක් බවට හෙළි වුණා.

රෙප්ටීලියන්ගේ ආහාර රටාව පිළිබඳව කතා කිරීමේදී ඔවුන්ට මිනිස් රුධිරය ඉතාමත් අවශ්‍ය දෙයක්. ඔවුන් මිනිසුන්ගේ මොළේ යම් යම් කොටස් ආහාරයට ගනු ලබනවා. ඔවුන් බොහෝමයක් ප්‍රිය කරන්නේ කුඩා ළමයින්ගේ රුධිරය පානය කිරීමට. ඊට හේතුව වන්නේ  වැඩිහිටියන්ගේ රුධිරය තුළ පවතින විස කුඩා ළමයින්ගේ රුධිරය තුළ අන්තර්ගත නොවීමයි. ඔවුන් ශක්තිමත් වන්නේ මිනිසුන්ගේ රුධිරයෙන් සහ අ¾දුරු සිතුවිලිවලින්. ඔවුන්  මිනිසුන් අතර  වෛරය සහ ක්‍රෝධය ඇතිවන තැන ඉතාමත් හොඳින් ශක්තිමත් වෙනවා. ඔබ මෛත්‍රිය වඩන තරමට ඔබ අතර සිටින රෙප්ටීලියන් දුර්වල වෙනවා.

ක්‍රි.පූ. 4,800දී රෙප්ටීලියන් මිනිසුන් පෘථිවියට ආ බව පැවැසෙනවා. ඔවුන් පැමිණ තිබෙන්නේ ඉරානයේ තුර්කි ක¾දුවැටියෙන්. ඊට පසුව ඊජිප්තියානු බැබිලෝනියානු සහ ඉන්දු වැනි  ශිෂ්ටාචාර දියුණු කළ බවත් පැවසෙනවා. අද වන විට පෘථිවියේ මිනිසුන්ට තිබෙන්නේ RH + ලේ වර්ගයයි. එය තමයි O+ , O- , A- වැනි විවිධ ප්‍රභේදවලට බෙදා තිබෙන්නේ. කොහොම වුණත් ඇතැම් මිනිසුන්ට RH-ලේ වර්ගය තිබෙනවා. මෙම ලේ වර්ගය ඇති අය රෙප්ටීලියන්ගෙන්  පැවත එන මිනිසුන් බවට විද්‍යාඥයන් පවසනවා. මොකද එම ලේ වර්ගය  සම්පූර්ණයෙන් වෙනස් වර්ගයක්. ශුද්ධ වූ  බයිබලයේ යම් යම් ස්ථානවල රෙප්ටීලියන් පිළිබඳව සඳහන්ව පවතිනවා.

ශුද්ධ බයිබලයේ උත්පත්ති 3, 3 වැනි වාක්‍යයේ  සඳහන් වන “මිනිසාගේ වැටීම” නම් පරිච්ඡේදයෙහි ඒ පිළිබඳව සඳහන්ව පවතිනවා. එහි ස්ත්‍රිය හා පුරුෂයා පාපයට පොලඹවා ගත්තේ සර්පයා කියලා සඳහන් වෙනවා. සර්පයා හෙවත් ඉංග්‍රීසි භාෂාවේ “reptile” හරියටම කිව්වොත් “reptilian” මිනිස්සු මැවීමට ප්‍රථමව සර්පයා සහ තහනම් ශාකය තිබුණා කියලා බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා. එයින් අදහස් වන්නේ මිනිසා පෘථිවියට පැමිණීමට  පෙර රෙප්ටීලියන්  පෘථිවියේ ජීවත් වූ බව. එයට අනුව රසල් ගොඩනැඟූ කල්පිතය සත්‍ය බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ අනුව මිනිසාට පෙර පරිණාමය වූ ජීවීන් කොට්ඨාසයක් පෘථිවියේ තුළ ජීවත් වෙලා තිබෙනවා.

 මේ අනුව රෙප්ටීලියන් පිළිබඳව සහ ඔවුන්ගේ පාලනය පිළිබඳව කරුණු දශක ගණනාවක් පුරා මිනිස්සු විසින් නිසි අවබෝධයකින් තොරව පරිශීලනය කර තිබෙන බව පැහැදිලි වනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පාලනය කරන්නෙත් මොවුන්  බවට හෙළිවෙලා තිබෙනවා.  eluminate සංවිධානයේ ප්‍රධාන පවුල් 13 සම්පූර්ණයෙන්ම රෙප්ටීලියන් ජීවීන්ගෙන් යුතු බව සඳහන් වෙනවා. The committee of 300 ලෙස හ¾දුන්වන කොටසේ බොහෝ දෙනා රෙප්ටීලියන්ලා නොවෙයි ඔවුන් සාමාන්‍ය මිනිස්සු. The committee of 300 රෙප්ටීලියන්ලාට සහාය දක්වනවා. ඔවුන් NSA, OIA, සහ මාෆියාව පාලනය කරනවා. ඔවුන් බල තණ්හාවෙන් සිටින ජීවීන් කොට්ඨාසයක්.

ඔවුන්ගේ ග්‍රහලෝකයේ වායුගෝලය පාලනය කරන්න පෘථිවියේ රත්රන්  එකතු කරන බවට පවසනවා. නමුත් මොවුන්ට මිනිස් ජාතිය සදහටම විනාශ කළ නොහැක්කේ ඔවුන් මිනිසුන්ගෙන් පෝෂණය වන නිසයි. මිනිසුන් නොසිටියහොත් ඔවුන්ට ජීවිතයක් නැහැ. අභ්‍යවකාශ තරණය කළ මෙවැනි ජීවීන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්න තවමත් අබිරහසක් බවයි මේ ගැන පර්යේෂණ කරන හා උනන්දු බොහෝ දෙනා ප්‍රකාශ කර තිබෙන්නේ.

රමෝද් ජයවර්ධන