අංශභාගයට හැරී විඳවන්නට පෙර ඉතා කෙටි කලකින් එවැනි රෝග සුව කර ගන්නා හැටි

0
40

ත්‍රිංසත් භිසංග නම් වෛද්‍ය කෘතියේ එන ශ්ලෝකයකින් මෙවර ලිපිය ඇරැඹීම හොඳ යැයි සිතුවා. මුළු ශරීරයම පණ නැතිව ගිය බොහෝ අස්ථි ආශි්‍රත හැසිරවීම් කරගත නොහැකිව දුබලව සිටින රෝගීන්ට මෙය ඉතා වැදගත් වූවක්. තමන්ගේ ශරීරය නිරෝගීව තිබුණු කාලයේ වගේ නොව ඉතා දුබලය, පීඩාකාරිය යන්න මින් තේරුම් ගත හැකි වෙනවා. ඊට හේතුද අසවල් වූවක් යැයි හැඟෙනවා. එම ශ්ලෝකය මෙහෙමයි.

“බහු ජිවුහො රුමතං නාමස්ථමේභා දාවර්ත මාරුතං අ‍ෙක්‍ෂකො දනුවාතො පිණ්ඩිකො ද්වෙෂ්ටකොඝුරුක්”

මෙහි සිංහල අරුත මෙසේය. එනම්, “අතද, දිවද, කලවයද අනිකුදු නොකී තැන දඬු කඳක් සේ ස්තම්භ වන්නේ ස්තම්භ වාතය නම් වෙයි. බඩෙහි දිය උදර සහිතව ගුඩු ගුඩු ගානා ශබ්ද ඇතිව බඩේ ගැටයක් සේ තිබෙන්නේ, උදාර්ත වාත නම් වෙයි. අෑනුන් ඇති ඉසරුජා ඇතිව ඇසින් කඳුළු බැස වේදනා වන්නේ අක්ෂේපක වාත නම් වෙයි. දුන්නක්  අටවාපුවාක් මෙන් පිටට නැමෙන්නේ දනුර්වාත නම් වෙයි. බඩ ගැට ගැසී රුජා ඇතිවන්නේ පිණ්ඩිකොදු වෙෂ්ටක වාත නම් වෙයි. ඇට සන්ධි බිඳුණාක් මෙන් වන්නේ අංගී්‍රරුක් වාත නම් වෙයි”

මෙහෙම බලද්දී මුළු සිරුරම ඔත්පළ වූ අයකුගේ ශරීරයේ එක්වරම එසේ නොවී හෙමිහිට අකර්මණ්‍යතාවට පත්වන හැටි හඳුනාගත හැකිය. ඔබ හොඳින් පෑනක් අරන් ලියන්නෙක් යැයි සිතමු. නමුත් ඔබට ඒ ලියැවිල්ල වෙනදා මෙන් කරගන්න බැරි වන තරමට ඇඟිලි හැසිරවෙන්නේ නැතිනම්, ඊට අවශ්‍ය ස්නායු ක්‍රියාකාරී වන්නේ නැතිනම් එතැන රෝග මූලයක් පෙන්නුම් කරනවා. ඇතැමුන්ට ඇඟිලි ගල් වෙනවාක් වගේ දැනෙනවා. ඒ ඔබගේ ලේ ගමනාගමනයත්, ස්නායු ක්‍රියාකාරී තත්ත්වයත් කෙමෙන් අකර්මණ්‍ය වී යන බවක් තමයි විදහාපාන්නේ.

තවත් සමහරුන්ට උක්ත ශ්ලෝකයෙන් කියැවෙන රෝග ලක්ෂණ පෙන්වන්නෙත්, ශරීරයේ ඔබට නොදැනී විපර්යාසයක් වෙමින් තියෙනවා කියන එකයි. පිට කොඳු හරහා එන වේදනාව, පාදයේ විශේෂයෙන් කලවා ප්‍රදේශයේ ගිනි ගන්නවා වගේ දැනෙන අපහසුතාව අර කියපු ලේ ගමනාගමනයේ හා ස්නායුවල අකර්මණ්‍යතා නිසා ඇති වන්නක්.

බොහෝ අයගේ අත්වල නවන තැන්වල වේදනා හට ගන්නේ සමහර විට රිදුම් දෙන්නේ, තවත් සමහර වේලාවල අගුළු වැටෙන්නේ එම ඉන්ද්‍රියයන් අක්‍රිය වෙමින් පවතින නිසා බව කිව යුතුයි. මේවා නොතකා හැරීමේ ප්‍රතිඵලය තමයි අතක් පණ නැතිවීම, කකුල් පණ නැති වීම, බිම තබා ඇවිදගෙන යන්න නොහැකිවීම් ඇති කරන්නේ.

මේවා අපේ වෙදකමේදී ගැනෙන්නේ ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු ඒවා හැටියටයි. එසේම ඉතා ඉක්මනින් සුවපත් කර යථා තත්ත්වයට පත්කර ගත හැකි ඒවා හැටියටයි. ඇතැම් අයගේ නිල පරීක්ෂාව කළ පමණින් නිල අල්ලා නිසි සම්බාහනයන් කර ප්‍රතිකාර කළ හැකියි. එවැනි අය දහස් ගණනක් අපෙන් ප්‍රතිකාර ලබා සුවවී තියෙන්නේ ඒකයි. ඒ නිසා ශරීරයේ කිසියම්ම හෝ වෙනසක් වනවා නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලැබීම තමයි හොඳම දේ.

 නිතර ලිවීමේ කටයුතුවලම යෙදෙන රෝගියකු අප වෙත පැමිණියේ දිනය හා වේලාවක් ලබාගෙනයි. ඔහුගේ දකුණු ලියන අතර වෙනදා වගේ නිසි පරිදි වැඩ කළේ නෑ. ඇඟිලිවලින් අල්ලා පෑන ගෙන ලියද්දි වෙව්ලීමක් ඇති වී තිබෙනවා. අත්ල මැදින් වේදනාවක් වගේම වැළමිට දක්වා හා ඉන් එහාට අත්වල බාහුව දක්වා දිවෙන සියුම් වේදනාවක් තිබී තිබෙනවා. ලෙඩා පරීක්ෂා කළ වහාම අප හඳුනාගත්තාා ඔහුට ඉතා ඉක්මනින් සුවය දිය හැකිය කියා. අත තබා නිල තෙරපූ සැණින් රෝගී තත්ත්වයත් අප සැණින් හඳුනා ගත්තා.

ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළා. ගෙදරදී කළ යුතු දෑත් ඇවතුම් පැවැතුම්ද කියා දුන්නා. ඉතා ඉක්මනින් දෙසතියක් වගේ සුළු කාලෙකින් රෝගියා පූර්ණ සුවය ලැබුවා. ඒ තමයි ප්‍රාතිහාර්ය පෑ හැකි අපේ පුරාණ හෙළ වෙද විස්කම.

වෛද්‍යවරයා හමුවිය හැකි තැන් මෙහෙමයි. (අඟහරුවාදා- අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා _ රත්නපුර, සිකුරාදා,  මහනුවර අඹතැන්න, සෙනසුරාදා- වෙන්නප්පුව, ඉරිදා _ මහනුවර අඹතැන්න)

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849