නිදහස ලැබූ සැණින් රන්ජන්ට ලැබුණු තනතුර

1
685

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමික සුබසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සුහද තානාපතිවරයෙකු ලෙස පත් කර තිබේ.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අදාළ පත්වීම පිරිනමනු ලැබ ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ පළමු අවස්ථාවේදී ම ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පත් කිරීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

1 COMMENT

Comments are closed.