පාතාලය හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මඩින්න අද සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

0
164

පාතාලය හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මැඩලීමට අද (අගෝ. 26) සිට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, අද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගි වී ඇත.

එහිදී අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම තීරණය ගත් බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරට ත් පැවසීය.