මැයි 9වැනිදා බස් ගිනි තැබීම ගැන ගැමුණු ජාත්‍යන්තරයට පැමිණිලි කරයි

0
14

අරගලකරුවන්ට මුවා වී දේශපාලන ත්‍රස්තවාදීන් පසුගිය මැයි මස 09 වැනිදා පෞද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීමට යුක්ත‍ිය ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත පැමිණිලි කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හා යුරෝපා සංගම් කාර්යාලයට මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටිය බවත් විජේරත්න මහතා කීය.

පෞද්ගලික බස් රථ පනහකට වැඩි සංඛ්‍යාවක් විනාශ කරන ලද අතර එයින් බස් රථ 38ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් කිසිදු රක්ෂණයක් හා කිසිදු වන්දි මුදලක් ඒ සඳහා නොලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

මෙලෙස බස් රථ ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට එම බස් රථ හිමියන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවත් පවුල් පනහකට අධික සංඛ්‍යාවක හාරසීයකට අධික පිරිසක් එම නිසා පීඩාවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

මිතුන් ජයවර්ධන