බිත්තර මිලේ වෙනසක් නෑ

0
16

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ බිත්තර මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයන් කිහිපදෙනකු සමඟ පෙරේදා (24දා)  සාකච්ඡාවක් තිබූ බවත් එහිදී ඔවුන් විවිධ මිල ගණන් යෝජනා කළ බවත් ඇමැතිවරයා කීය.

එලෙස මිල ගණන් යෝජනා කළද ගැසට් නිවේදනයක් මඟින් බිත්තරවල උපරිම සිල්ලර මිල පනවා ඇති බැවින් ඔවුන් යෝජනා කළ මිල  බිත්තරවලට ලබාදීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පැවැසීය. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ, බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය  නලින් ප්‍රනාන්දු මහතා එකඟ වූ බවය.