නිදහස් අරගලයේ  අපේ භූමිකාව

0
72

“නිදහස් අරගලයක අපේ භූමිකාව” ජාතික කතිකාව අද (26දා) පස්වරු 03ට අනුරාධපුර, කූම්බිච්චංකුලම “සිසිල උයන” උත්සව ශාලාවේදී පැවැත්වේ.

යටත්විජිත වහල්භාවයෙන් මිදීම පිණිස 1817 සිට නිදහස් අරගල පැනනැඟුණි. එවැනි අරගල රාශියක් අඛණ්ඩව දියත්වූ අතර 1848දී මාතලේ කැරැල්ල නමින් හැඳින්වෙන අවසන් අරගලය රදල නොවන සාමාන්‍ය ජනයාගේ ජන නායකත්වයෙන් හා ජන සහභාගිත්වයෙන් ඇතිවූවකි. එහි සුවිශේෂ පැවිදි නායකත්වය කුඩාපොළ හිමිපාණන්ය. අරගලයට සම්බන්ධ බොහෝ භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ අතර 1848 අගෝස්තු 26 දින ⁣දළදා මාලිගය පේනමානයේ බෝගම්බර පිටියේදී වෙඩිතබා ඝාතනය කිරීම එදා මෙදාතුර උද්වේගකර ඝාතනයකි. ජාතික  භික්ෂු දිනය ප්‍රකාශයට පත්වන්නේ එකී සිදුවීම හා දිනය පදනම් කරගෙනයි.

48 අරගලයෙන් පසු හෙල්ලෙන්, කඩුවෙන්, බයිනෙත්තුවෙන් කළ අරගල නිමාවූ අතර 1971 අරගලය තෙක් නැවත ආයුධ සන්නද්ධ අරගලය දියත් නොවුණි. එහෙත් 1873 අගෝස්තු 26 දින ආරම්භ වූ පානදුරාවාදයෙන් නිදහස් අරගලය නව මාවතක් ගනු ලැබීය. මෙය කිසිසේත්ම පල්ලියට එරෙහි මතවාදී අරගලයක් නොව පල්ලිය කේන්ද්‍ර කරගෙන දියත්වූ යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව පැනනැග්ගාවූ අරගලයකි. ⁣

කුඩාපොළ හිමි ඝාතනයත්, පානදුරාවාදය ආරම්භයත් අගෝස්තු මස 26 දින වූ සිදුවීම් නිසාත්, එකී සිදුවීම් දෙකම ලාංකේය නිදහස් අරගලයේ සුවිශේෂී අවස්ථාවන් දෙකක් නිසාත් ජාතික භික්ෂු පෙරමුණ අගෝස්තු 26 ජාතික  භික්ෂු දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. 2001 වසරේ සිට මෙම දිනය අනුස්මරණය කරමින් නිම නොවූ ශ්‍රී ලාංකේය නිදහස් අරගලය ජයග්‍රහණය කරනු පිණිස මතවාදී හා ක්‍රියාකාරී සූදානම් කිරීම සිදුකරනු ලබයි.