අනුමැතිය නැති ඉන්ධන ගබඩා 2,100ක්

0
14

ලබාදී ඇති මාර්ගෝපදේශයන් නොතකන හා අනුමැතියකින් තොරව ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අනුමැතියකින් තොරව එලෙස පිහිටුවා ඇති ඉන්ධන ගබඩා හා ටැංකි 2,100ක් නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ එම සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලට පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

චාමර අමරසූරිය