“බිත්තර මිලේ වෙනසක් නැහැ” – වෙළෙඳ ඇමති

0
223

ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ බිත්තර මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයින් කිහිපදෙනෙකු සමග ඊයේ (අගෝ.24) සාකච්ඡාවක් තිබූ අතර එහිදී ඔවුන් විවිධ මිල ගණන් යෝජනා කළ බව ය.

එලෙස මිල ගණන් යෝජනා කළ ද ගැසට් නිවේදනයක් මගින් බිත්තරවල උපරිම සිල්ලර මිල පනවා ඇති බැවින් ඔවුන් යෝජනා කළ මිල යටතේ බිත්තර ලබා දීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත්, අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ, බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව ය.