ARRESTED

0
35

ශ්‍රී  ලංකා පොලිසියේ, යුද හමුදාවේ සහ රජයේ ආරක්‍ෂක අංශවල නිල ඇඳුම් කොටස් විකෘති කර පැලඳ විරෝධතාවයේ යෙදී සිටි බව කියන පුද්ගලයෙක් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් ජුනි මස 9 වැනිදා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවැති උද්ඝෝෂණයකදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වෙමින් රජයේ දේපළවලට අනර්ථය සිදුකිරීම මෙන්ම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම සැකකරු කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි මොහු පොලිසියේ යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් එම නිල ඇඳුම් කොටස් පැලඳ සිට ඇති බවටත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

අරලියගහ මන්දිරේට බලහත්කාරයෙන් ඇතුළු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බළන්ගොඩ කාශ්‍යප හිමි ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24දා) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ගොස් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම හිමිනම අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව සැකකාර හිමිනම අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මේ අතර ගාලුමුව‍ෙදාර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ සේනාධි ගුරුගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගාලුමුව‍ෙදාර භූමියේ රැඳි සිටි බුද්ධි නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියකට අදාළව සැකපිට ප්‍රශ්න කිරීම සඳහාය.

කීර්ති මෙන්ඩිස්, හංසි නානායක්කාර