මිනීමැරුම්-කුඩු-ආයුධ චෝදනා රැසකට අපේ ජනබල පක්‍ෂයේ සභාපති අල්ලයි

0
47

මෑතකදී සිදු වූ මිනීමැරුම් හා මත්කුඩු ජාවාරම්කරුවන්ට රැකවරණයදීම, වාහන හා ආයුධ සැපයීමේ චෝදනාව යටතේ අපේ ජනබලය පක්ෂයේ සභාපති සමන් පෙරේරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 බෙන්තර, ගෝනගලපුර, ගල්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (24දා) අලුයම 2.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

පාතාල ලෝකය තුළ රෝයල් බීච් සමන් ලෙස හ¾දුන්වන මොහු රට තුළ මෑතකදී සිදුවූ මිනීමැරුම් ගණනාවකට සම්බන්ධවී ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ.

තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රෝයල් බීච් සමන් කණ්ඩායමට චෝදනා එල්ල වී ඇත.

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන බත්තරමුල්ලේ කුඩු සංජුගේ ඊළග නායකයා ලෙස ශෂී ප්‍රභා නමැත්තා හ¾දුනාගෙන  තිබෙන බවත්, මෙම ශෂී ප්‍රභාගේ මස්සිනා වන සමන් පෙරේරා ඔවුන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කර ඇති බවත් පොලිසිය පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී සමන් පෙරේරාගේ සම්බන්ධතාවයෙන් ශෂී ප්‍රභා අපේ ජනබල පක්ෂයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව තිබේ.

මිනීමැරුමක් සම්බන්ධයෙන් හරක් කටා නමැති පාතාල නායකයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔහුගේ ගෝලයෙකු වන මදුශංක නොහොත් සුරතලා  සමන්  පෙරේරාට දුරකථන ඇමතුමක් ලබාදී උදවු ඉල්ලා ඇතැයි පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.

ඩුබායිහි සිටින ශෂී ප්‍රභාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලදී සමන් පෙරේරා වාහන ලබාදීමෙන්, සම්බන්ධතා ගොඩනැඟීමෙන්, රැකවරණය දීමෙන් සහාය වී ඇතැයිද පොලිසිය හෙළිකරගෙන ඇත.

ඉඳුරුව ප්‍රදේශයේ පවත්වාගෙන යන රෝයල් බීච් නමැති හෝටලයේ හිමිකරු වන සමන් පෙරේරා සංචාරක මඟපෙන්වන්නකු ලෙස කටයුතු කර ඇත.

මොහු පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ ඇති බවත්, ඝාතන කිහිපයක් සම්බන්ධව තවත් නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙන බවත් පොලිසිය පවසයි.