කුඩු අනෝජාගේ තිසරපට අස්සේ ලක්ෂ තුනක හෙරොයින්

0
10

රෙමුන කුඩු අනෝජා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු තිසරපට අස්සේ සඟවාගෙන සිටියදී  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකාරියගේ නිවසේදී කාන්තා කොස්තාපල් රත්තිනා ලවා පරීක්ෂා කිරීමේදී තිසරපට අස්සේ සඟවාගෙන සිටී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 110ක් සොයාගෙන ජාවාරම් මුදල් රුපියල් 3,500ක් සහ ඒ සඳහා යොදාගත් ජංගම දුරකථනයද භාරයට ගත් බව පොලිසිය කීය.

රෙමුන අරඹකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ සමඟින් අඟුරුවාතොට පොලිසියට භාරදුන් බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක තිලකරත්න,  සැරයන්වරුන් වන ලාල් (18397),  අනුර (27061), චමින්ද (38049), රංගන (38664) කොස්තාපල්වරුන් වන අමරජීව (80100) හා කාන්තා‍ෙ කොස්තාපල් රත්තිනා (11634)  වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක