රනිල්ගේ ආරාධනයට සජිත් යළිත් බැහැ කියයි

0
123

ආණ්ඩුව සමඟ එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22දා) කළ ආරාධනාවක්ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක  සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කර ඇත.

සමගි ජන බලවේගයේ නිලධාරීන් කණ්ඩායමක් හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම ආරාධනාව සිදුකළ බව සමගි ජන බලවේගයේ  ජේ‍යෂ්ඨ සාමාජිකයෙක් ‘මව්බිම’ට පැවැසීය.

පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය දීමට විපක්ෂය සූදානම් බවද විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබේ. සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට විපක්ෂයේ සිට සහාය දිය හැකි යැයිද එහිදී ඔහු අවධාරණය කර ඇත.

මේ වන විට ඇමැති තනතුරු රටට බරක් වී ඇති බවත් ජනතාව ඇමැති තනතුරුවලට දැඩි විරෝධයක් පළ කරන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න